Search This Blog

Thursday, October 30, 2014

Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ...


Connection Speed Slow නොවී Block කරපු සයිට් වලට යන්න මෙන්න ක්‍රමේ... (Anonymous Surfing)
[දන්න අය මේ ලිපිය දැක්කෙ නෑ වගේ ඉන්න.. මුකුත් වැරදි එහෙම තියනවානම් නිවැරදි කරන්න උදව් කරන්න]
ලිපිය සඳහා වෙනත් නම්: Software නැතුව I.P එක Hide කරමු..
විශේෂ වාසි: කිසිම Software එකක් Install කිරීමට අවශ්‍ය නැත, එමනිසා Slow නැත.

මෙතැන සිට කියවන්න
______________
http://www.proxy-list.org කියන සයිට් එකට යන්න.. 1රූපයේ පරිදි ඔයාට එම අවස්තාවෙ පෙන්වන අකුරු ටික නිවැරදිව ටයිප් කලාම ඔයාට 2 රූපයේ පරිදි වැඩකරන ප්‍රොක්සි ලිස්ට් එකක් පෙන්වාවි, ඒවායින් Uptime එක වැඩි එකක් ( චයිනීස් එපා) තෝරගන්න..





ඔයාගෙ Web Browser එක මොකද්ද ??


Firefox සඳහා..

ඉන්පස්සෙ firefox ගිහින් 3 රූපයේ පරිදි Options ඔබල 4 රූපයේ දැක්වෙන Network->Settings බොත්තම ඔබල 5 රූපයේ දැක්වෙන් Interface එක ලබාගන්න.. 5 රූපයේ දක්වා ඇති ආකාරයට ඔයා කලිත් ප්‍රොක්සි ලිස්ට් එකෙන් තෝරාගත් I.P එක හා port ඇඩ්‍රස් එක දමා සේව් කරන්න.. ඉන්පසු බ්ලොක් කරපු සයිට් ඕනි එකකට යන්න පුලුවන්..








Chrome සඳහා..

ඉන්පස්සෙ 6 රූපයේ පරිදි Options යන්න. මීළඟට 7 රූපයේ දක්වා ඇති පරිදි, Network -> Change Proxy Settings ඔබන්න. එතකොට Internet Properties කියන Interface එක එනවා.. ඔයා ඒකෙ තියන Internet Connection සෙට් එකෙන් ඔයා දැන් පාවිච්චි කරන connection එක තෝරල 7 රූපයෙ අංක 2න් දක්වා ඇති පරිදි Settings button එක ඔබන්න. එවිට ඒ Connection එකට අදාල Interface එක දකින්න පුලුවන්. ඊට පස්සෙ 7 රූපයේ අංක 3න් පෙන්වන පරිදි Proxy Server යටතේ තියන "Use a proxy server for this connection" කියන එකට ටික් එක දාලා අංක 4 පරිදි Advanced කියන එක ඔබන්න. එවිට ඔයාට 8 රූපයේ පරිදි Proxy Settings Interface එක දකින්න ලැබේව්. ඒකෙ "Use the same proxy server for all protocols" කියන ටික් එක දාලා 8 රූපයේ අංක 3 න් දැක්වෙන පරිදි "Proxy address to use" යටතේ HTTP: ඉදිරියෙන් අර කලින් තෝරාගත් I.P එක හා Port Address එක දමන්න. ඉන්පසු සියල්ලම "OK" කරන්න .







වැඩේ හරිද?? 

ඔයාට වැඩේ හරි ගියාද කියල check කරගන්න පුලුවන් මෙන්න මෙහෙම.. www.google.com කියල ගැහුවම ඒක ඉබේම www.google.lk කියල මාරු වෙන්නෙ නැතිනම් වැඩේ හරි.. දැන් ඔයාට ලංකාව ඇතුලෙ Block කරල තියන ඕනිම සයිට් එකකට යන්න පුලුවන්..

ප්‍රයෝජනවත් ඉඟි...

*) ඔයා 2 රූපයේ දී හැම විටම list එකේ උඩින්ම තියන Uptime එක වැඩි Proxy තෝරාගන්න
*) ටික දවසක් හෝ පැය කීපයක් යනකොට නිකං Internet connection එක slow වගේ දැනෙනවානම් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් අලුත් Proxy එකක් අරගන දාගන්න
*) Proxy එකක් දාලත් ඔයාට අවශ්‍ය අර සයිට් එකට ගියාම ඒක Block කරලනම්.. ඔයා තෝරගත්ත Proxy එකට අදාලෙ රටෙත් ඒ සයිට් එක Block කරලා.. එහෙම වෙලාවට නැවතත් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් වෙනත් රටක Proxy එකක් හොයල දාගන්න, Chinese Proxy
වලින් එහෙම ගියාම සෑහෙන්න Blocked , ඒ නිසා USA වගේ එකක් තෝරගන්න

THE TEN COMMANDMENTS OF LEARNING ENGLISH......

THE TEN COMMANDMENTS OF LEARNING ENGLISH......



යමෙකුට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ආසාවක් පවතී නම් කළ යුතු දෑ මේවාය...

1. නිරන්තරයෙන් අමාරැවෙන් හරි බොරැවට හරි ඉංග්‍රීසි පත්තරයක් බලන්න.. බැරි බැරි ගාතෙ හරි ළමා පිටුවවත් කියවන්න.. අන්තර්ජාලයේ විකිපීඩියාවේ ලිපි හෙමින් සැරේ කියවන්න. මුලින්ම චරිත කතා කියවීම ප්‍රයෝජනවත්. මඩොල්දූව වැනි කතා පොතක ඉංග්‍රීසි පරිවර්තනය කියවමින් පසුව සිංහල පොත කියවීම වඩාත් ප්‍රතිඵලදායක වුණා...

2. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් ලෙස මලලසේකර, සරසවි, සදර්ථවාහිනී කදිමය. මුදල් ඇතිනම් ඉලෙක්ට්‍රොනික ශබ්දකොෂයක් මිලදී ගන්න... එය භාවිතය මෙන්ම රැගෙන යාමද පහසුය..ඉංග්‍රීසි-සිංහල ඉලෙක්ට්‍රොනික ශබ්ද කෝෂයක් මම ද භාවිත කරනවා.

3. Oxford Advanced Learners ශබ්ද කෝෂය අනිවාර්යයෙන් ලග තිබිය යුතුය. (දැන් මෙම සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ වල CD ඇත.!)

4. නිතර ඉංග්‍රීසි FM චැනල් අහන්න.. රෑපවාහිනී ප්‍රවෘත්ති ඉංග්‍රීසියෙන් අහන්න. ෆොන් එකට ඉංගිරිසි සින්දු, ඕඩියෝ බුක්ස් (රහස් පරීක්ෂක කතා හෝ වල් කතා හරි කමක් නැහැ. ඒවා හිතට යනවා!) වගේ ඒවා දාගෙන අහන්න යන-එන ගමන්

5. Wren & Martin English Grammar & Composition ඉංග්‍රීසි ව්‍යාකරණ පොත භාවිත කරන්න. රේමන්ඩ් මර්ෆිගො පොත් පෙළත් (Essential English Grammar) හොදයි..

6. සිංහලෙන් වියරණ ඉගෙන ගැනීමට ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දු ලියු ‘ඉංග්‍රීසියට පදනම“ පොත අරගන්න. ඒ හැරැණාම සුචරිත ගම්ලතුන්ගෙ පොත් පෙළත් කදිමයි.. 

7. කා එක්ක වුණත් අමාරැවෙන් හරි English වලින් Chat කරන්න. SKYPE හරහා විදේශීය මිතුරන් හා අමාරැවෙන් හෝ කතාකරන්න...කතාකරන්න අවැසි දේ කොලේක ලියාගෙන ඒක බලාගෙන ඇහුවත් කමක් නැහැ..

8. තමුන් කරන කියන දේවල් මොනව වුණත් කමක් නෑ ඒවා Diary එකක පුළුවන් විදියට හැමදාම පිටු බාගයක්වත් ලියන්න.. එහෙම ලියාගෙන යද්දි මාස 3-4කදි ඔයාගෙ සිංහලෙන් හිතෙන අදහස ඉංගිරිසියට ගලපල ලියන්න පුලුවන් වෙනවා සත්තයි...

9. දිනපතා හමුවෙන අලුත් වචන තේරැම සහිතව ලියා තබන්න.. ඒ වචන වාක්‍යයකට දාලා ඩයරියෙම ලියන්න.. ගෙයක් හදන්න ගඩොල් වගේ භාෂාවක් ගොඩනගන්න වචන අවශ්‍යයි.

10. ඉංග්‍රීසි චිත්‍රපට සොයගෙන ඒවා English Subtitle සහිතව බලන්න.. නිතර එහෙම බලද්දි විදේශීය උච්චාරණය ඔයාගෙ කනට හුරැවෙනවා.. 


සිංහලෙන් හිතන්න...ඉංග්‍රීසියෙන් වැඩ කරන්න....ඔබට ජය නියතයි...

මෙන්න තවත් සිරා වැඩ....

මෙන්න තවත් සිරා වැඩ....
මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න
[දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ  ]

ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම
( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ)

දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල,
හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද?
මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ..

මම දැං කියන්න යන්නෙ
වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක් 


එ කොහොමද ආරක්ශා කරන්නෙ?
(මුලින්ම අහන ප්‍රශ්නෙ  )

මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ,

පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ 
(පොඩි කිව්වට ඩොලර් 34.95)

හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො
මෙන්න බා ගන්න එහෙනම්

http://www.mediafire.com/?9ay4yblcmbt5n6q

හරිද බා ගත්තනම්
ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො
හැබැයි C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න


එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො
පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා
පැච් කියන බොත්තම එබුවා  සරලයි



හරි එහෙනම්
ඕක ඉන්ස්ටෝල් කරගෙන්න

දැං තියෙනෙ ඉතිං write කරන්න 
හොයා ගන්න කො හිස් CD 1ක් හො DVD එකක්

හරි එහෙනම් සිඩි එක රයිටැරෙට දාලා එහෙම ඔපෙන් කරගන්න අපෙ අලුත් සොෆ්ට් වෙයාර් එක
GiliSoft Secure Disc Creator 2.3
( CD එකක් හො DVD එකක් නොදමා කරන්න බැ ඔන්න )

දැන් ඔය සොෆ්ට් එකෙන් තියෙනවා නෙ බටන් එකක්
Add files කියලා,
අන්න ඒක ඔබන්න 



explorer view කියන කොටසෙ තියෙන්නෙ අපෙ මැචිමෙ තියෙන දත්ත..
ඔය ඊට පහලින් තියෙන සුදු කොට්ටට තමයි අපි රයිට් කරන එව්වා දාන්නෙ Disc Layoutකියන්නෙ එතන

දැං explorer view කියන එකෙන් රයිට් කරන්න ඕනෙ දෙවල් තියෙන ඩ්‍රයිව් එක හො ෆොල්ඩෙර් එක තොරන්න.
ඊට පස්සෙ
එ ඩ්‍රයිව් එකෙක් හො ෆොල්ඩෙර් එකෙ තියෙන එව්වා පෙන්වනවා දකුනු පැත්තෙන්.

රයිර් කරන්න ඔනෙ දෙවල් ටික ඔහොම තියා ගෙන

යමු පාහල සුදු කොටුවට 

එකෙන් තොරගන්න පුලුවන් Secure Area එකද නැතනම් public area එකද කියලා.

පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් secure area එකට දාන්න
එහෙම දාන්න ඕනෙ නම් Disc layout කියන තැනෙන් තොරන්න secure area කියන එක.
එහෙම තොරලා

අර උඩින් තියෙන අපිට රයිට් කරන්න ඕනෙ එව්වා ඇදලා දාන්න (drag & drop)
එහෙම ඇදලා දාලා ඔය වින්ඩො එක close කරලා දාන්න
හරි නෙද?
එ විදියට අවශ්‍ය දත්ත ටික දාගෙන ඔබන්න Burn කියන බටන් එක.
එහෙම එබුවම එනවා වින්ඩො එකක්
අපිට කැමති පාස් එකක් තෝරන්න..

කැමති පාස් එකක් දාගන්න..
තහවුරු කිරිම සදහා නැවත එයම ලබා දෙන්න පහලින් තිබෙන තැනට

දැන් ඔක්කොම හරි
ok කරලා දාන්නකො 

දැන් රයිට් වෙන්න පටන් ගනිවි...
හැබැයි writer එකෙ ලයිට් එක වැඩ කරන්න ගන්නෙ 20% විතර ගියාම ඒක නිසා බය වෙන්න එපා.

සම්පුර්න රයිට් උනාම සිඩි එක ඔටො එලියට එනවා.. මෙහෙම මැසෙජ් එකකුත් එක්ක



හරි දැන් වැඩෙ ඉවරයි...


මෙය මගින් ලියන සිඩි ඔපෙන් කිරීම සදහා මෙම සොෆ්ට් එක තිබෙන PC ම ඕනෙ වෙන්නෙ නැත.
(portable විදියට වැඩ කරන නිසා)

Audio Amplifier Pro මගින් Audio - Video Files වල Volume වැඩි කරගමු

Audio Amplifier Pro මගින්
Audio - Video Files වල Volume වැඩි කරගමු 





ඔයාලට අද දෙන Software එක 
Audio Amplifier Pro මේකෙන් ඔයාල ලග තියන Video හෝ Audio වල Volume එක (සද්දෙ) 999% කින් වැඩි කරගන්න ලේසියෙන්ම පුලුවන්.

ඔයාල ලග තියන Phone එකෙන් ගත්ත Video එකක Sound Record එකක හරි MP3 - MP4 ඔය වගේ ඕනම Video හා Audio එකක Volume එක වැඩි කරහැකි .


පුංචිම පුංචි Software එකක් තමා මේක කොච්චර පොඩිද කියනවනම් මෙක PC එකට දාල තිබ්බ කියල දැනෙන්නෙවත් නෑ . 


Updates වෙන්නෑ - Ram කන්නෙ නෑ - CPU එක Process වෙන්නෙත් බොහොම පොඩ්ඩයි ඉතින් මේක දාල තියා ගත්තට වැඩිවෙන් නෑ. කොයි වෙලේ හරි ඕන වේවි .


හරි .. . මම පාත Print Screen එකක් දාල තියනව බලන්න ඒකෙ වැඩ කරන විදිහ එකින් එකට සරළව ලියා තියනව. හරිම සරළයි ලේසියී !



පාත තියන Link එකෙන් බාගන්න!!





ඕක තමා මේකෙ විස්තරේ 100% ලස්සනට වැඩ. මට හම්බවෙච්ච හොද Software එකක් නිසා ඔයාලටත් දෙන්න හිතුවෙ. වැඩේ කරන්න අදහසකුත් දාල යන්න.
වෛරස් ගාඩ් අපට එපා ! - වෛරස් ගාඩ් නැතුව වෛරස් ඉවත් කිරීම.




මේ ලිපිය ගොඩක් අයට වැදගත් වේ යැයි සිතනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පරිගනකයේ වේගය අඩු වීම. මේකට හේතුවක් ලෙස වයිරස් ගාර්ඩ් එකක් භාවිතය සැලකිය හැකියි. තවද සමහරු වයිරස් ගාර්ඩ් දාගෙන හිටියත් දන්නෙම නැතුව වයිරස් කෙන්තුල් එකට හොර රහසේ ඇතුල් වෙලා. මේක නිසාත් පරිගනකයේ වේගය අඩාල වෙනවා. මේ නිසා අපේ අයට මල පනිනවා. මම අද ඔයාලට වයිරස් ගාර්ඩ් එකක් නැතුව වයිරස් අල්ලන හැටි කියලා දෙන්නම්.


01.පලමුව පෙන් එක පරිගනකයට සම්බනධ කිරීමට පෙර
My Computer වෙත පිවිසෙන්න.



02.ඉන්පසු ඔබගේ පරිගනකයේ ඇති හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව්ස් මත රයිට් ක්ලික් කරන්න. ප්‍රොපටීස් යන්න.
Right Click - Properties.



03.ඉන්පසු එහි Quota Tab එක වෙත පිවිසෙන්න.Show Quota Click කරන්න.එවිට 02 වන රූපයේ දැක්වෙන වින්ඩෝ එක දිස්වේවි.එය 03 වන රූපයේ ආකාරයට සකස් කරන්න.Apply - Ok



04.එවිට පහත රූපයේ ආකාරයට පරිගනකයේ හාර්ඩ් ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී ඇති ලෙස දිස් වේ.



05.දැන් මෙලෙස සියලුම හාර්ඩ් ඩ්‍රයිව් වලට සෙටිංග්ස් හදන්න.නමුත් වින්ඩෝස් සෙවන් වලදී වින්ඩෝ සහිත ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී දිස් නොවේ.



06.එම නිසා Right Click On the Local Disk C: - Properties - Quota - Quota Entries.එවිට 02 වන රූපය දිස් වන වින්ඩෝව දිස් වේවි.ඉන්පසු ඔබගේ පරිගනකයේ යූසර් නේම් එක තියෙන තැන රයිට් ක්ලික් කර ප්‍රොපර්ටීස් යන්න.



07.එවිට පහත 01 වන රූපයේ දිස් වන වින්ඩෝව දිස් වේවි. එය 02 වන රූපයේ ආකාරය සෙටිංග්ස් සකස් කරන්න.Apply - Ok.



08.දැන් ඔබගේ පරිගනකයේ කිලෝ බයිට එකක ඉඩ ප්‍රමානයක් වත් ඉතිරි වී නැත. කොටින්ම කීවොත් ශෝර්ට් කට් එකක් පවා සකස් කළ නොහැක. එම නිසා වෛරස් එකක් කොපි වීමට ඉඩ නොමැත.එම නිසා වෛරසයකට පරිගනකයට ඇතුල් විය නොහැක



09.වෛරස් සැම විටම හයිඩ් වී හැංගී සිටී. එම නිසා අප වෛරසය හදුනාගැනීමට හයිඩ් වී ඇති ෆයිල් පෙනෙන ආකාරයට සකස් කරගත් යුතුය.මේ සදහා XP වල Tools - Folder Option.
[COLOR="rgb(255, 140, 0)"]Seven Organize - Folder and Search Option




10.එවිට ෆෝල්ඩර් ඔප්ශන්ස් දිස් වේවි.එහි එකට යන්න. එවිට දෙවන රූපයේ ආකාරයට වින්ඩෝ එක දිස් වේවි. එහි 03 වන රූපයේ ආකාරයට සෙටිංග්ස් හදා ගන්න.Apply - Ok



11..දැන් ඔබ පෙන් එක පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට එහි සාමාන්‍ය අයිකන් එක වෙනස් වී තිබෙන්නට පුලුවනි. මෙය වෛරසයක් ඇති විට සිදු වන දෙයකි.



12.පෙන් එක උඩ ඩබල් ක්ලික් කළොත් වෛරස් එක රන් විට හැක. එම නිසා පෙන් එක උඩ රයිට් ක්ලික් කර එක්ස්ප්ලෝ කරන්න. නැතහොත් උඩ ඇති ඇඩ්‍රස් බාර් එකෙන් පිවිසෙන්න.



13.දැන් ඔබට පෙන් එකේ ඇති සියලුම ෆයිල් දිස් වේ.මෙම පෙන් එකේ තියෙන්නේ search.exe කියන වෛරස් එකයි.ෆයිල් ටයිප් එකේ අප්ලිකේශන් යනුවෙන් සදහන් වන අප පෙන් එකට ඇතුලත් නොකළ ෆයිල් වෛරස් ලෙස පහසුවෙන් හදුනාගත හැක.



14.දැන් මෙම වෛරස් එක පෙන් එකෙන් ඉවත් කිරීමට එම වෛරස් එකට අදාල ෆයිල් මකා දමන්න.



15.දැන් පෙන් එක ගලවා නැවත පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට නිවැරදි නියම අයිකන් එක දිස් වේ නම් වෛරසය ඉවත් වී ඇතැයි නිගමනය කළ හැක. නමුත් සමහර වෛරස් පෙන් එකේ ඇති ෆෝල්ඩර් වල ද සැගවී තිබෙන්න පුලුවනි. එම නිසා නැවත කලින් කී ආකාරයට පෙන් එකට පිවිස පරීක්ෂා කරන්න.



16.දැන් නැවත ඔබගේ පරිගනකයේ ඉඩ ලබා ගන්න පහත ආකාරයට හාර්ඩ් ඩ්‍රයිව් වල සෙටිංග්ස් හදා ගන්න.




දැන් කස්ටියට හිතෙන්න පුලුවන් මේක මහ අමාරු වැඩක්. ගොඩක් වෙලා යනවා. ඊට වැඩිය හොදයි වෛරස් ගාඩ් එකක් භාවිතා කළා නම් කියලා. ඒත් මේ ලිපිය කියවන්න ගියා මෙන් එපමන කාලයක් ඔය සෙට්ංග්ස් හදා ගන්න වෙලා යන්නේ නෑ. මේකට ගතවන්නේ විනාඩියක පමන කාලයකි.
පණ මෙන් වටින ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්?


 


මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් ‍පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න.

පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්. දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද?

හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව. $ 00.00 



පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න.


http://preyproject.com

http://preyproject.com/download

ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් පහළින් දාල තියෙන වීඩියෝ එකෙනුත් ඒ තොරතුරු බලාගන්න ඔබට පුළුවන්.



එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්

Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.

Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල විස්තර ලබාදෙනව.

Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.

WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් ‍උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස් ගොඩාක් එයි :පී)
මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි

Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.

Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
“අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්ත නේද? දෙන්නයි කිව්වෙ ඒක. :පී”
(සැ.යු : දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා ‍මේ සයිරන් එක වදිද්දි සහ මේ ඇලර්ට් එක එද්දි මෙම සො‍ෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් ‍වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )
Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්

Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න




හොඳයි එහෙනම් මේක කට්ටියට වැදගත් කියල හිතෙනවනම් කොමෙන්ට් නම් නැතත් කමක් නෑ, දන්න අඳුනන කට්ටියට මේක ගැන කියන්න. ශෙයාර් පාරක් එහෙම දාන්න.

Edit / Format බැරි Pen ; Edit /Format කරන්න

Edit / Format බැරි Pen ; Edit /Format කරන්න



ඕන් එහෙනම්.. රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන්, චිප් හැක් කරන්න ගොඩ දා ගන්න..

1. 
WindowsKey + R (Run)


2. 
regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ....



3. 
HKEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies
උඩ ක්ලික් කරල 
Modify දෙන්නකෝ...



4. 
Value Data "1" තියෙන්නේ...නේද....? අන්න ඒක බින්දුව ("0") කරල එන්ටර් කරන්න



සමාවෙන්න යහලුවනේ... සමහර අයගේ "StorageDevicePolicies" option එක disable වෙලා... ඒක ඔයාලටත් මතු උණොත් මේ ලින්ක් එකෙන් ඒක ඩවුන් කරගෙන හදාගන්න......

http://www.howtogeek.com/howto/windows-vista/registry-hack-to-disable-writing-to-usb-drives/ 



මෙන්න බොලේ සල්ලි හොයන්න තවත් පට්ටම පට්ට විදියක්... හොදට තියෙන පෙන් එකක් අරගෙන බින්දුව වෙනුවට එක දාල ඒක ආයෙමත් බින්දුව කරන්න රුපියල් සීයයි...

ෂිට්..ඒව කැතවැඩ.... දන්න දේවල් නොදන්න කොනෙකුට කියල දෙන එක ලොකු පින් කමක්.. යන්න තියන තැනකට යන්න දැන්ම ඉදල පින් අතේ වැඩම කරන්න... දන්න දේවල් නොදන්න අයට කියල දෙන්න... ඉගෙන ගනින් බදාගෙන කන්න නෙවෙයි බෙදාගෙන කන්න...