Pages

Sunday, September 8, 2013

මගේ ගැන බොක්කෙන්ම

කොතනින් කොහොම පටන් ගන්නද කියලා මම දන්නෙ නෑ. මෙහෙම පටන් ගමුකො
 මම ගමෙ කොල්ලෙක්, නෑ වැරදුනා. ගමෙ බයියෙක්...
                                                           ගමේ බයියොන්ට මොන බ්ලොග්ද නෙ. එහෙම කියන්න එපා. මම මේ හා හා පුරා කියල ලියන පළවෙනි බ්ලොග් සටහන.
                                             මෙච්චර දවසක් කලෙ කාගෙ හරි පොස්ට් එකක් උස්සල මගෙ වගේ දමපු එකනෙ. හික් හික්. ටිකක් බ්ලොග් කියවද්දි තමයි තෙරුනේ පොස්ට් උස්සන එක මහ නරුම වැඩක් කියලා. ඊටත් වඩා ටයිප් කරද්දි කන කට්ට මතක් වෙනකොට පවු කියලත් හිතෙනවා                                                                                                                                                                                                                                                                                  එත් මම මෙ කියන්න යන දෙ ඇහුවම කාට උනත් දුක හිතෙයි. (එ මොකද්ද අප්පේ මූ මෙ කියන්නෙ. )මෙකයි කාරනේ මම මෙ අන්තර්ජලෙට එන්නෙ නොවිදිනා දුක් විදලා. දුක කියන්නෙ සන්සාර දුක. ඉන්ටනෙට් යන්න ඔන කරන හැම දෙයක්ම හරි කියමුකෝ මම සන්සාරෙ කරපු පවකට අපෙ ගෙදරට සිග්නල් නෑ............. ඉතින් එක ඔයාලට කියල වැඩක් නැහැ නේද? අනේ ඉතින් එහෙමයි කියල ඉන්ටෙර්නෙට් නැවිත් කොහොමද? මීටර් 10 කෙබල් එකකට ඩොන්ගල් එක ගහල එක ලියක මර්ගයෙක් වහලෙන් උඩට උස්සල තියල යන්තම් සිග්නල් කට්ට 3ක් ගන්නව මහා කට්ටක් කාලා……                                                                                                                                                                                                           යන්තම් ඔපෙරා එක හරි ෆ්යර්ෆොක්ස් එක හරි ඔපන් වෙල ගූගල් දෙයියො පෙන්න විනාඩි 5ක් විතර යනවා. එතනින් එහාට ඉතින් කියන්න ඕන වෙන එකක් නෑනෙ. ඉතින් එහෙමයි කියලා කොල්ලා ගේම අතාරින්නෙ නෑ. කරන්න පුලුවන් හැම දෙයක්ම ඔය අදි වේගි අන්තර්ජාල සම්බන්දතාවෙන් කරනවා.                                                                                                                                                                                       ඉතින් එහෙම තත්වෙක ඉන්දගෙන තමයි මේ සටහන ලියන්නෙත්. හික් හික්... ඇඩෙනව නේද තනි ඇහැට          (මම ඉන්ටනෙට් යන්න ගිහින් කාපු කට්ට, උන එක එක සීන්, මම වෙනම පොස්ට් එකක ලගදීම ලියලා දමන්නම්කෝ)                                                                         
                                             
                                          බ්ලොග් කලාව ගැන කතා කරනවනම් මම ඉන්නෙ එකෙ මොන්ටිසෝරි අවදියෙනුත් අවුරුදු 2ක් විතර පහලින් ඒ කියන්නෙ තාම පොඩි එකෙක්. මගේ බ්ලොග් එකට පෙරපාසල කියලා නම දැම්මෙත් ඒක නිසාම තමයි ඔන්..........                             
                                          අනේ ඉතින් 6ක් 4ක් නොතේරෙන පොඩි එකා නිසා නොදන්න දේවල් කියලා දුන්නට කමකුත් නෑ. ලියන්නට ගොඩක් දෙවල් නම් තියනවා ඒත් ලියා ගන්න බෑ මන් හරි අසරනයි. මොකද ඒ කියලා අහයි ඒ පාර..ඇයි අනේ එකවත් තේරෙන්නෙ නැද්ද? මොන්ටිසොරි ලමයි ලියන්න කියන්න දන්නෙ නැහැනෙ,.
                                              ලියන්න කියල ඔලුවෙ තිබුනට අදහස් එන්නෙත් නැ අප්පා. බ්ලොග් එක හදන්න කලින් මන් අරක ලියනවා මේක ලියනවා කියලා තමයි හිතාගෙන උන්නේ. කොහෙද ඒව මතක නෑ මෙ යකාට. ඔලුවෙ තියෙන්නෙ කිරි මැටිද කොහෙද අම්මපා.
                                   බලාන ගියාම ඒකත් ඇත්ත තමයි. මොකද මොලේ තිබුනනම් මම මෙහෙම ඉන්න විදියක් නෑනේ. (ඒ ගමන බලයි මු ඉන්නෙ කොහොමද කියලා) නෑ ඉතින් මොලේ තිබුනනම් කැම්පස් ගිහින් ඩිග්රි් එකක් අරන් දැන් හොද ජොබ් කට්ටක් කරන මහත්තයෙක්නෙ,
                                    අප්පේ මතක් වෙනකොටත් අසාවෙ බෑ..............
                                    "නූගත් කමත් වලිගය නැති ගොනා වැනී" කියල කියල තියෙන්නෙ කට කසනවට නම් වෙන්න බෑ. ඒක කියපු එකානම් ඉතින් අනිවා මම වගේම නිකමෙක් වෙන්න ඇති. මොකද' තුවාලෙ තියන එකානෙ එකේ අමරුව දන්නෙ" හරි ඉතින් මම මටම බැන ගන්න ඔනෙත් නෑනෙ. නේද?
                              ඔය මදෑ දැන් ලිවුවා ඊලග ලිපියෙන් වෙනස් විදියක ලගදිම හමු වෙමු එහෙනම්.

Wednesday, September 4, 2013

SAMSUNG Original, Anycall, Chinese වෙනස මොකද්ද?

මම දැක්කා EK එකෙ ගොඩක් තැන්වල කට්ටිය SAMSUNG Original, Anycall, Chinese වෙනස මොකද්ද? අඳුනගන්නෙ කොහොමද කියල අහල තියෙනවා..
මම ඕවා ටිකක් අතපත ගාලා තියෙන හින්දා දන්න තරමින් විස්තරයක් මෙතන දාන්නම්, තව වැඩි විස්තර දන්න අය ඉන්නවනම් ඒවත් මෙතන දාන්න..


SAMSUNG Original version ගොඩක් එනවා.. International Version, US/Canada Version, Anycall version & Japan Version තමා මම දන්න ඒවා ටික..
උදාහරණයක් විදිහට Galaxy S2 ගත්තනම් මෙන්න මෙහෙමයි එක එක version වල model numbers එන්නෙ..




හැබැයි දැන් අවුල තියෙන්නෙ මේ original වගේම එන replica වලින් බේරෙන එක..

මේවත් original ඒවා වගේම MADE IN KOREA BY SAMSUNG / MADE IN VIETNAM BY SAMSUNG කියලා ගහලා එන්නෙ..

ඉතින් වැඩිය මේවා ගැන දන්නෙ නැති කට්ටිය MADE IN KOREA/VIETNAM කියන එකට රැවටිලා අරගෙන අමාරුවෙ වැටෙනවා..


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හුඟක් Galaxy replica එන්නෙ original වගේම Android OS දාලා.. ඒත් Java දුවන Chinese කෑලිත් තියෙනවා..

Android තියෙන replica එකක් original එකේ market price එකෙන් 50% වගේ තමයි යන්නෙ.. Java ගඩොලක් නම් ගාණ ගොඩක් අඩුයි.

උදාහරණයක් හැටියට Galaxy S3 එක ගත්තනම්, Original එකක් brand-new 55,000-60,000ක්
අතර වගේ යන්නෙ..
Android තියෙන replica එකක් 25,000-30,000 අතර යන්නෙ.. Java ගඩොලක් 5000-6000 වගේ තමයි වෙන්නෙ..

Galaxy S4 එකේ Original එකක් brand-new 80,000ක් වගේ යන්නෙ..
Galaxy S4 replica(android) එකක් 35,000-40,000 අතර යන්නෙ..

(
Android තියෙන Galaxy replica ඒවත් Chinese made කියලා තමා කියන්නෙ.. Sure නෑ හැබැයි.. )

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Galaxy S3 එකේ replica තමා market එකට වැඩියෙන්ම බැස්සෙ.. ඒක කොච්චර බලපෑවද කිව්වොත්, මිනිස්සු S3 කියන කොට originalද, replicaද නොබලම පස්ස ගහනවා..

මේ තියෙන්නෙ
Galaxy S3 original එකක් & replica එකක් තියලා ගත්තු photo එකක්..


1. මේ picture එකේ පෙන්නල තියෙන්නෙ replica එකේ display එක උඩ හරියෙ ගහල තියෙන SAMSUNG කියන එකේ size එක original එකේ size එකට වඩා ටිකක් ලොකුයි.

ඔය replica එකක් අතට ගත්තම පේනවා ඒවයෙ ඔය
SAMSUNG කියන එක ගහලා තියෙන්නෙ display glass එකට උඩින්.. නියපොත්තෙන් හීරුවත් මැකෙනවා..


2. Replica අඳුනගන්න පුළුවන් තව ලේසි විදිහක් තමා Baseband Version එකේ මුලට MAUI කියලා කෑල්ලක් තියෙනවා..
මම දැකලා තියෙන හැම Galaxy replica එකකම වගේ ඒක තිබුනා..

(S3 එකේනම් තව වෙනස්කම් ගොඩක් තියෙනවා, හැබැයි මේ දෙක ඇති replica එකක් අඳුනගන්න..)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Original SAMSUNG අඳුනගන්න ලේසිම ක්‍රමය තමා *#0*# code එක ගැහුවම LCD TEST menu එක එනවද කියලා බලන එක..



හැබැයි මේ code එක සමහර Anycall වලට වැඩ නෑ,ඒ උනත් Anycall අඳුනගන්න පුළුවන් arial එකෙන්..
(මම දන්න විදිහට SHW-M440S [Anycall Galaxy S3 3G phone] එක ඇරෙන්න හැම Galaxy Anycall එකේම arial එක තියෙනවා..)

කැතම වැඩේ කියන්නෙ
Galaxy S4 replica වල මේ *#0*# code එක ගැහුවම original වල වගේම LCD TEST menu එකක් එන්න හදලා තියෙන්නෙ..

හැබැයි Galaxy S4 replica එකෙත් Baseband Version එකේ මුලට MAUI කියන කෑල්ල තියෙනවා මම දැකලා තියෙනවා. ඒකෙන් අල්ලගන්න පුළුවන් replica එක..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හැබැයි ඔය මොන සෙල්ලම දාලා ආවත් USB Jig එකක් තියෙන්වා නම් ඕනම SAMSUNG phone එකක්
originalද, replicaද කියලා check කරගන්න පුළුවන්..

මොකද ඕනම Original SAMSUNG phone එකක් off කරලා
USB Jig එක ගැහුවම Download Mode එකට වැටෙනවා..


තව මොනාහරි දැනගන්න තියෙනවනම් මෙතනම අහන්න.. පුළුවන් විදිහට උදව් කරන්නම්..

මේක කොහෙන්වත් copy කරපු එකක් එහෙම නෙවෙයි ඕං..
හැබැයි කැමති කෙනෙක් කැමති තැනක දාගත්තට කමක් නෑ, හැබැයි ගත්තෙ ElaKiri.com එකෙන් කියලා දාන්න මතක ඇතුව..



~~~~~~~~~~~~~~~~~~~ඉවරායි~~~~~~~~~~~~~~~~~~~

Korean Anycall Galaxy Phones Help Thread

http://www.elakiri.com/forum/showthread.php?t=1543161

කතරගම දෙවියො

දැන් එලකිරි එකේ කතරගම දෙවියො ගැන කතා වෙනෙවනෙ.එක හින්ද හිතුව කතරගම දෙවියන්ගෙ රසවත් උප්පත්ති කතාව,හින්දු ආගමේ තියෙන විදිහට දාන්ඩ.කතරගම දෙවියන්ගෙ තව උප්පත්ති කතාවක් තියෙනව ඒකත් වෙලාවක දාන්නම්කො.

ඔන්න මචල හින්දු ආගමේ හැටියට තිමුර්තිය තමයි බ්‍රහ්ම,විශ්ණු, ඊශ්වර කියන දෙවිවරු තුන් දෙනා.ඒ කියන්නෙ බලගතුම දෙවිවරු තුන් දෙනා.


ඔය තුන් දෙනාගෙන් ඊශ්වර දෙවියො සුවෙන් කාලය ගත කරන ගමන් ගෙදර වැඩට බෂ්ම කියන අසුරයෙක් තියාගෙන හිටිය.මේ බෂ්ම අසුරය දෙවියන්ට යටහත් පහත්ව සේවය කරගෙන හිටපු හින්ද ඊශ්වර දෙවියො කල්පනා කරා මේ අසුරයට වරයක් දෙන්ඩ.එහෙම හිතල අසුරයට කියුව" බෂ්ම කමති දෙයක් ඉල්ලන්ඩ ඔයාට වරයක් දෙනව" කියල.

ඉතින් මේ බෂ්ම අසුරය ඊශ්වර දෙවියන්ව රවටගෙන හිටියට මොකද, ඊශ්වර දෙවියන්ගෙන් පලි ගන්ඩ බලාගෙන හිටියෙ කාලයක ඉදන්.

ඔන්න බෂ්මට වෙලාව ආව,අසුරය ඉල්ලුව ඊශ්වර දෙවියො ගාව තිබ්බ වටිනාම මන්ත්‍රය.(ඒක අතට ජප කරල කාගෙ හරි ඔලුවෙන් තියපු ගමන් අලු වෙලා යනව,ඔලුව අයිති කාරයව.කොහොමද පවර් එක.)

ඔන්න ඊශ්වර දෙයියොත් දුන්න මන්ත්‍රය,වෙන මොනව කරන්ඩද ඇයි ඉතින් තමන් දුන්න වරයනෙ.ඔන්න ඔතනදි තමයි අසුරයගෙ බලු ගතිය එලියට ආවෙ.මේක මොකද කරේ දන්නවද,මන්තරේ උගෙ අතට මතුරගෙන මන්තරේ ටෙස්ට් කරන්ඩ ඊශ්වර දෙවියන්ගෙ ඔලුවෙ තියන්ඩ ආවෙ නැතෑ, එතනදි ඊශ්වර දෙවියොත් අම්ම මුත්ත සිහිවෙලා වගෙ පන කඩාගෙන දුවන්ඩ පටන් ගත්ත. අසුරය පන්නනව ඊශ්වර දෙවියො දුවනව.දුවන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔන්න ඊශ්වර දෙවියො,තිමුර්තුයෙන් එක් කෙනෙක්. මොන අයියට උනත් වැඩ වරදින වෙලාවල් තියෙනව කියනවනෙ


ඔන්න ඔය වෙලාවෙ විෂ්නු දෙවියො මේ සිදුවිම දැකල,


ඊශ්වර දෙවියො බේර ගන්ඩ උපායක් හිතල සුරුපි කාන්තා වේසයක් මවාගෙන ඊශ්වර දෙවියො සහ අසුරය දුවගෙන එන පාරේ ඔන්චිල්ලවක් මවාවෙන පැද පැද හිටිය.ඉස්සල්ලම දුවගෙන ආපු ඊශ්වර දෙවියො මේ දේවිය දැකල නැවතුනා,ආයෙම පස්සෙන් එන අසුරයව දැකල දුවන්ඩ පටන් ගත්ත.

ඉලගට මේ සුරුපි දෙවියාගනාව ලගට අසුරය ආව,අසුරයට ආපුකාරනේ අමතක වෙලා මේ සුරුපිනියට විවාහ යොජනාවක් කරා.(ගෑණු දැක්කම ඔක්කොම අමතකයි) එතකොට දෙවියාගනාව කියුපි වෙන ස්ත්‍රින් ලගට යන්නෙ නැ කියල,ඔයගෙ ඔලුවෙ තියල අත තියල දිවුරුවොත් විවාහ‍යට කැමතියි කියල. අසුරයට මන්තරේ මැතිරුව කියල අමතකවෙලා දිවුරුම දෙන්ඩ තමගෙ ඔලුවට අත තියාගත්ත විතරයි අලු වෙලා ගියා.

ඉතින් අසුරය තමන් පස්සෙන් එන්නෙනැ සැක හැර දැනගත්තට පස්සෙ ඊශ්වර දෙවියො අපහු ඇවිත් අර දෙවතා වේසයෙන් ඉන්න විශ්ණු දෙවියන්ට විවාහ යොජනාවක් කරා. එතකොට දේවතාවිය කියාපි ඔබතුමාට දැන්ටත් උමයන්ගනා දේවිය ඉන්නවනෙ එයාගෙන් අහල එන්න,එයා කැමතිනම්,මම කැමතියි කියල . (විශ්ණු දෙවියො උමයන්ගනා දේවගනගෙ සහොදරයෙක්ලු)

ඒක ඇහුව විතරයි ඊස්වර දෙවියො උඩ පැනගෙන ගිහින්,නා නා විදි වැදුම් වැදල තමන්ගෙ බාර්යාවගෙන් කැමැත්ත ගත්ත කාන්තා වේසයෙන් ඉන්න විශ්ණු දෙවියන්ව විවාහ කර ගන්ඩ.(ඊස්වර දෙවියො දන්නෙ නැ මේ සෙල්ලම් දාන්නෙ විශ්ණු දෙවියො කියල).

ඔන්න කැමැත්ත ගත්තට පස්සෙ දුවගෙන ගියා අර කාන්තාව ලගට,යද්දි තමයි ඊස්වර දෙවියන්ට තරු විසි උනේ,මෙන්න අර කාන්තාව කුඩා කුමරගෙක් එක්ක ඉන්නව,බලද්දි ඒ දෙවිය අම්ම කෙනෙක්, එක දරුවෙකුත් ඉන්න. ඊස්වර දෙවියන්ට එත් කමක් නැ,දැන් ලමයයි අම්මයි දෙන්නම බාර ගන්ඩ මනාපයි. ඒත් කාන්තා වේශයෙන් ඉන්න විශ්ණු දෙවියො කියපි ගෙදරින් අහල එන්ඩ ලමයයි මාවයි දෙන්නම ගන්ඩ නම් කියල.

ඔන්න ඊස්වර දෙවියො ගෙදර දුවල නා නා විදි වැදුම් වැදල තමන්ගෙ බාර්යාවගෙන් කැමැත්ත ගත්ත කියමුකො,මෙන්න අනිත් පාර එද්දි ළමයි දෙන්නෙක්. ඔය විදිහට 6 දෙනෙක් වෙනකන් ගෙදර දුවනව,කැමැත්ත ගන්නව එනව,ගෙදර දුවනව,කැමැත්ත ගන්නව එනව.අන්තිම පාර ඊස්වර දෙවියන්ගෙ බාර්යාව උමා දේවියටත් හිතුන මේ අරුම පුදුම කාන්තාව බලන්ඩ යන්ඩ.දෙන්නම එද්දි අර කාන්තාව ළමයි 7 දෙනෙක් එන්න ඉන්නව,ඔන්චිලි පැද පැද

ඉතින් මේ උමයන්ගනා දේවතාව අර ළමයි 7 දෙනාව දැක්කම ආදරයෙන් ළමයි 7 දෙනාව තුරුලු කර ගත්තලු.ඒ එක්කම කුමාරවරු 7 දෙනා එකතු වෙලා එක කුමරයෙක් හැදුන කියල කියනව,ඒ තමයිලු ස්කන්ධ කුමාර නොහොත් කතරගම දෙවියො.

ඒ හිටියෙ විශ්ණු දෙවියො කියල දැන ගත්තම ඊශ්වර දෙවියන්ට මොනව හිතුනද කියලනම් දන්නෙ නැ.