Pages

Sunday, September 8, 2013

මගේ ගැන බොක්කෙන්ම

කොතනින් කොහොම පටන් ගන්නද කියලා මම දන්නෙ නෑ. මෙහෙම පටන් ගමුකො
 මම ගමෙ කොල්ලෙක්, නෑ වැරදුනා. ගමෙ බයියෙක්...
                                                           ගමේ බයියොන්ට මොන බ්ලොග්ද නෙ. එහෙම කියන්න එපා. මම මේ හා හා පුරා කියල ලියන පළවෙනි බ්ලොග් සටහන.
                                             මෙච්චර දවසක් කලෙ කාගෙ හරි පොස්ට් එකක් උස්සල මගෙ වගේ දමපු එකනෙ. හික් හික්. ටිකක් බ්ලොග් කියවද්දි තමයි තෙරුනේ පොස්ට් උස්සන එක මහ නරුම වැඩක් කියලා. ඊටත් වඩා ටයිප් කරද්දි කන කට්ට මතක් වෙනකොට පවු කියලත් හිතෙනවා                                                                                                                                                                                                                                                                                  එත් මම මෙ කියන්න යන දෙ ඇහුවම කාට උනත් දුක හිතෙයි. (එ මොකද්ද අප්පේ මූ මෙ කියන්නෙ. )මෙකයි කාරනේ මම මෙ අන්තර්ජලෙට එන්නෙ නොවිදිනා දුක් විදලා. දුක කියන්නෙ සන්සාර දුක. ඉන්ටනෙට් යන්න ඔන කරන හැම දෙයක්ම හරි කියමුකෝ මම සන්සාරෙ කරපු පවකට අපෙ ගෙදරට සිග්නල් නෑ............. ඉතින් එක ඔයාලට කියල වැඩක් නැහැ නේද? අනේ ඉතින් එහෙමයි කියල ඉන්ටෙර්නෙට් නැවිත් කොහොමද? මීටර් 10 කෙබල් එකකට ඩොන්ගල් එක ගහල එක ලියක මර්ගයෙක් වහලෙන් උඩට උස්සල තියල යන්තම් සිග්නල් කට්ට 3ක් ගන්නව මහා කට්ටක් කාලා……                                                                                                                                                                                                           යන්තම් ඔපෙරා එක හරි ෆ්යර්ෆොක්ස් එක හරි ඔපන් වෙල ගූගල් දෙයියො පෙන්න විනාඩි 5ක් විතර යනවා. එතනින් එහාට ඉතින් කියන්න ඕන වෙන එකක් නෑනෙ. ඉතින් එහෙමයි කියලා කොල්ලා ගේම අතාරින්නෙ නෑ. කරන්න පුලුවන් හැම දෙයක්ම ඔය අදි වේගි අන්තර්ජාල සම්බන්දතාවෙන් කරනවා.                                                                                                                                                                                       ඉතින් එහෙම තත්වෙක ඉන්දගෙන තමයි මේ සටහන ලියන්නෙත්. හික් හික්... ඇඩෙනව නේද තනි ඇහැට          (මම ඉන්ටනෙට් යන්න ගිහින් කාපු කට්ට, උන එක එක සීන්, මම වෙනම පොස්ට් එකක ලගදීම ලියලා දමන්නම්කෝ)                                                                         
                                             
                                          බ්ලොග් කලාව ගැන කතා කරනවනම් මම ඉන්නෙ එකෙ මොන්ටිසෝරි අවදියෙනුත් අවුරුදු 2ක් විතර පහලින් ඒ කියන්නෙ තාම පොඩි එකෙක්. මගේ බ්ලොග් එකට පෙරපාසල කියලා නම දැම්මෙත් ඒක නිසාම තමයි ඔන්..........                             
                                          අනේ ඉතින් 6ක් 4ක් නොතේරෙන පොඩි එකා නිසා නොදන්න දේවල් කියලා දුන්නට කමකුත් නෑ. ලියන්නට ගොඩක් දෙවල් නම් තියනවා ඒත් ලියා ගන්න බෑ මන් හරි අසරනයි. මොකද ඒ කියලා අහයි ඒ පාර..ඇයි අනේ එකවත් තේරෙන්නෙ නැද්ද? මොන්ටිසොරි ලමයි ලියන්න කියන්න දන්නෙ නැහැනෙ,.
                                              ලියන්න කියල ඔලුවෙ තිබුනට අදහස් එන්නෙත් නැ අප්පා. බ්ලොග් එක හදන්න කලින් මන් අරක ලියනවා මේක ලියනවා කියලා තමයි හිතාගෙන උන්නේ. කොහෙද ඒව මතක නෑ මෙ යකාට. ඔලුවෙ තියෙන්නෙ කිරි මැටිද කොහෙද අම්මපා.
                                   බලාන ගියාම ඒකත් ඇත්ත තමයි. මොකද මොලේ තිබුනනම් මම මෙහෙම ඉන්න විදියක් නෑනේ. (ඒ ගමන බලයි මු ඉන්නෙ කොහොමද කියලා) නෑ ඉතින් මොලේ තිබුනනම් කැම්පස් ගිහින් ඩිග්රි් එකක් අරන් දැන් හොද ජොබ් කට්ටක් කරන මහත්තයෙක්නෙ,
                                    අප්පේ මතක් වෙනකොටත් අසාවෙ බෑ..............
                                    "නූගත් කමත් වලිගය නැති ගොනා වැනී" කියල කියල තියෙන්නෙ කට කසනවට නම් වෙන්න බෑ. ඒක කියපු එකානම් ඉතින් අනිවා මම වගේම නිකමෙක් වෙන්න ඇති. මොකද' තුවාලෙ තියන එකානෙ එකේ අමරුව දන්නෙ" හරි ඉතින් මම මටම බැන ගන්න ඔනෙත් නෑනෙ. නේද?
                              ඔය මදෑ දැන් ලිවුවා ඊලග ලිපියෙන් වෙනස් විදියක ලගදිම හමු වෙමු එහෙනම්.

No comments:

Post a Comment