Pages

Wednesday, November 26, 2014

නොදන්න අංක තහඩුව


වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන ‍කොට තව දෙයක් මතක් වෙනවා..!
මොකක්ද ඒ?
ඒ අංක තහඩුව ගන්න...

වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී.
සමහර ඒවා ඉංග්‍රීසි අකුරු.
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද?
නිකම්වත් හිතලා බැලුවද ??


RMV නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න බො‍හෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම !

ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ 1902 වසර.

අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු
වල අංක නිකුත් වෙලා තියෙන්නේ “A“ – “Z “දක්වා අකුරු වලින්.



ඒ 1940 දක්වා වෙනකන්.
මේ වාහන දැනට නම් භාවිතයේ නෑ.
කෞතුක වස්තු විදියටප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්.



Vintage Car Club of Ceylon (VCOC) ලෙස හැදින්වෙන ලංකාවේ පැරණි වාහන හිමිකරැවන්ගේ සමාජයක් ද පිහිටුවා ඇත.
එහි නිල වෙබ් අඩවියට මෙතනින් යන්න
1928 වසරේ මෝටර් රථප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා.

1940 වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට CEYLON යන වචනයේ අකුරු පිළිවෙලට "O" අක්ෂරය හැර CE CY CL CN හා නැවතත්
E අකුරෙන් පටන් ගෙන EY EL EN ලෙස 1956 වසර වෙනකන් වාහන ලියාපදිංචිය සිදු කෙරුනා.



ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා..
ඒ ගැන පහතින් දැක ගත හැකියි.



මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්‍රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්

1956 වසරේ "ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා.
ඊට පස්සේ 1,2,3 විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා.



ඒ ගැන බලන් යන කොට වාහන අංක ගැන යම් මතකයක් දැනෙනවා නේද??

මේ ක්‍රමය 1990 වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි.
කියවන බොහෝ දෙනෙකුට නම් ("-" ඩෑෂ්) සහිත වාහන ගැන මතකය අනිවාර්යයෙන්ම ඇති නේද?



ස්ටිකර් කපන කඩයකින් තමන්ට ඕන විදිහට මේ අංක තහඩුසකස් කරගන්නට හැකියාව තිබුනා.

පහත දැක්වෙන්නේ එසේ නිකුත් අංක හා ඒවාට අයිතිවන වාහන වර්ගයයි.



DPL- රාජ්‍ය තාන්ත්‍රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්



මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ 2000 වසරේදීයි.
ඒ ඉංග්‍රීසි අක්ෂර ක්‍රමය භාවිතයට එනවා.
ඒ පහත පෙන්වා ඇති ආකාරයටයි.එහිදි වාහන වර්ග තේරීමකින් තොරව අංක ලබා දීම සිදුකරනවා...



මේ විදියට "I" අකුර ඇරෙන්නට JA-JZ දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින්ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ ‍මේ අංක තහඩුනිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි.

මේ අංක තහඩු සමගවිශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා.
එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය, ඉන්ධන වර්ගය, වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා.



මේ ක්‍රමය 2005 වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි ඒ වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්.
මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ෂර භාවිතා වෙන්නේ.



රතු පැහැති P අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි.

ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවාකියලා ඔයාලාට තේරෙනවා ඇති.

මේ දවස් වල තම දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි කර ගත හැකි මෝටර් සයිකල් සඳහා මේ දිනවලදී ගාල්ල ප්‍රදේශයේ නිකුත් කරනුයේ XY අංකයන් වේ.

රතු පැහැති අංක තහඩුවක් හදිසියේ හෝ ඔබ දැක ඇති..



ඒවා හදුන්වන්නේ ගරාජ් අංක විදිහටයි. යම් රථයක් ආනයනය කල පසු වරායේ සිට ආදාල අලෙවි කරන ස්ථානයට ගෙනයාමට පමණක් එම රතු පැහැ ගරාජ් අංක තහඩුව භාවිතා කිරීම සිදුකල හැකි බව පැවසේ. 2012 ජනවාරි මස සිට එවැනි ගරාජ් අංක මගින් මාර්ගයේ අනවසරයෙන් ධාවනයකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.


දන්න වාහනයේ නොදන්න අංක තහඩුව ගැන ඔබේ දැනුමට යමක් එකතු වුනා කියලා හිතෙනවනම් සලකලා යන්න අමතක කරන්න එපා හොදද...!!

PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 1



ගොඩාක් emoney කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද, තමන් අමාරුවෙන් හම්බ කරන සල්ලි ලංකාවට ගෙන්න ගන්නෙ කියන එක.
නැත්තම් කොහොමද ඒ සල්ලි අතට ගන්නෙ කියන දේ.
PayPal කියන්නෙ ඇත්තටම හොද ජාත්‍යන්තර බැංකු ගිනුම් සහ බැංකු සේවා සපයන ආයතනයක්.
ඒත් මේකෙ පොඩි අවුලක් (පොඩි කිව්වට ලොකු) තියෙනවා ලංකාවත් එක්ක. මෙන්න මේකයි අවුල,

ලංකාව කියන්නෙ ඇත්තටම PayPal ෆුල් සපෝර්ට් කරන රටක් නෙවෙයි.
ඒ කියන්නෙ PayPal account එක ලංකාවේ විදියට තියෙනවා නම් money send කරන්ඩ විතරයි පුලුවන්. money receive කරන්න බෑ.
කස්ටිය මේකට හේතුව විදියට කියන්නේ අපේ MBSL එකේ තියෙන නීති වලට අනුව money receive accept කරන්න බෑ කියලා.


ඒත් ඉතින් දන්නවනෙ Moneybookers (Skrill) හරහා wire transfer මගින් අපේ local banks වලට withdraw කරන්න පුලුවන් කියලා.

හරි දැන් අපි ගේම් එකට බහිමුකෝ. මේ වැඩේ කරන්න කලින් ඔයාලට Payoneer Prepaid Debit Master Card එකක් තියෙන්න ඕන.
කාර්ඩ් එකක් නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න.


Apply for Payoneer Prepaid Debit Master Card


ඉස්සෙල්ලාම බලන්න ඕන ඔයාගේ දැනට තියෙන Payoneer account එකට US Payment service එක active වෙලාද කියලා.
මොකද සමහර account වල කාර්ඩ් එකට ඇප්ලයි කරලා approve උන ගමන් මේ service එකත් active කරලම එවනවා.
Payoneer account එකට ලොග් වෙලා බලන්න මෙන්න මේ විදියට තියෙනවද කියලා





තියෙනවා නම් US Payment Profile එක click කරලා බලන්න මේ විදියට US bank account details දෙනවද කියල.
ඒ වගේම Submit සහ Approval කියන button දෙකත් hidden වෙලා තියෙන්න ඕන.





ඒ ඔක්කොමත් හරි නම් ඉතින් වැඩේ ලේසි
දැන් ඉතින් එහෙම නැති අය කලබල වෙන්න එපා. එයාලා මෙහෙම කරන්න. එතකොට හරි එයාලාට පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Payoneer Customer එකට මේල් එකක් දාන්න US Payment service එක active කරන්න කියලා.
එතකොට Payoneer එකෙන් මෙන්න මෙහෙම මේල් එකක් එවයි ඔයාට.





මේ මේල් එකෙන් කියන්නෙ ඔයාලගෙ US Payment service එක active කරන්න අවශ්‍ය කරන US bank account එක open කරන්න ඕන දේවල් ටික එවන්න කියලයි.
මෙතනදි ඔයාගෙ driving licence එකෙ හරි, passport එකෙ හරි, national identity card කොපි එකක් "upload link" කියන එක හරහා එයාලට යවන්න ඕන.
කොපි එක යවද්දි scan image එකක් විදියට හෝ photo capture එකක් විදියට යවන්න පුලුවන්. කොහොම උනත් කොපි එක clear වෙන්න ඕන.
නැත්තම් approve නොවෙන්න පුලුවන්.
approve උනාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේල් එකක් එයි.





මේ මේල් එකෙ තියෙන්නෙ ඔයාට ලැබිලා තියෙන US bank account එකෙ විස්තර.
දැන් මේ විස්තර හරහා තමා අපි PayPal වලට connect වෙන්නෙ.
හැබැයි තාම US Payment එක active වෙලා නෑ. මේ තියෙන්නෙ bank details ටික.
ඔය "Click here" කියන තැන click කරලා ඔයාට US Payment active කර ගන්න පුලුවන්.
ඔක්කොම වැඩ ටික හරි නම් මෙන්න මේ වගේ මේල් එකක් එයි US Payment active උනා කියලා.


PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 2



හරි එහෙනම් ඔන්න පොරොන්දු උනා වගේම part 2 එක පටන් ගන්නයි යන්නෙ.

දැන් ඉතින් එහෙනම් අර කලින් හදා ගත්ත bank details ටික එහෙම අරන් ලෑස්ති වෙමු ඊලඟ වැඩේට බහින්න.
හැබැයි මේ වැඩේට බහින්න කලින් මැලේසියන්, පිලිපීන් වගේ රටක් දාලා හදපු PayPal account එකක් තියෙන්න ඕන.

ඉස්සෙල්ලාම ඔයාලගෙ PayPal account එකට ලොග් වෙලා Profile කියන එකෙන්
Add/Edit Bank Account කියන එක click කරන්න.



එතකොට එන page එකේදි Country of bank කියන තැනින් United States තෝරන්න.



දැන් අර අපි කලින් හදාගත්ත bank details ටික හරියට මෙතනට දීලා add කර ගන්න.
ගොඩක් වෙලාවට කිසි ප්‍රශ්නයක් නැතුව bank account එක add වෙනව.
නමුත් මේ දවස් වල ඔය තත්වය ටිකක් වෙනස්. මොකද PayPal වල අප්ඩේට්ස් වගයක් යනවලු.
මට මේ නූල දාන්න අන්න ඒකත් හේතුවක් උනා. මේ ගැන දන්නැති කෙනෙක් එතකොට දැනගන්නවනේ.
ඒ නිසා bank account එක add වෙන් නැති වෙන්න පුලුවන්.
එහෙම උනොත් මෙන්න මේ වගේ error මැසේජ් එකක් එයි.



හරි දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ.
පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.
මාත් මේ කරලයි ඔයාලට කියලා දෙන්නෙ.
ඒ නිසා බඩු ෂුවර්.
පේපැල් එකට මේල් එකක් දාලා විස්තරේ කියන්න.
ඔයාලගේ අකවුන්ට් එකෙ වෙන මුකුත් කේස් එහෙම නැතිනම් රිප්ලයි එකක් එයි දැන් අවුලක් නෑ add කර ගන්න කියලා. (සින්හලෙන් නම් නෙවෙයි කඩ්ඩෙන් තමා මේල් එක නම් එන්නෙ )
එහෙමත් හරි ගියේ නැත්නම් මට PM එකක් දාන්න.

මේ වෙනකොට අපි PayPal එකට bank account එක add කරන වැඩේ අහවරයි ඕං.
දැන් ඔයාලා add කරපු bank account එක මෙන්න මේ විදියට බලාගන්න පුලුවන්.



PayPal account එක කලින් Credit or Debit කාර්ඩ් එකක් මගින් verify කරලා තියෙනවා නම් ආයේ verify කරන්න ඕන වෙන්නෑ.
PayPal account එකේ withdraw ටැබ් එක click කරලා "Withdraw to your bank account" ලින්ක් එක click කරන්න.
දැන් ඔයාට කැමති amount එකක් දීලා withdraw කරන්න.
process එක complete වෙන්න business days 3-4 විතර යනවා.
complete උනාට පස්සේ ඔයාගේ Payoneer prepaid debit master card එකෙන් ඔයාට සල්ලි ගන්න පුලුවන්.
ඔන්න දැන් පුලුවන් ඔයාගේ PayPal එකේ තියෙන සල්ලි ලංකාවේ ATM එකක් හරහා ඔයාගේ අතටම ගන්න.

සැ.යු - PayPal account එක ගොඩාක් කල් පාවිච්චි කරපු එකක් නම් වඩා හොදයි.
අනිවාර්යෙන්ම verify කරලා තියා ගන්න.
මොකද අලුත් PayPal එකකින් එකපාරම ලොකු ගානක් withdraw කරොත් account එක limit වෙන්න පුලුවන්.
එහෙම උනොත් නම් වැඩ කොරලා හමාරයි

මෙන්න තියෙනවා Payoneer prepaid debit master card එකේ Pricing and Fees



Tuesday, November 25, 2014

CCTV ගෙදරදීම_2

CCTV ගෙදරදීම_2



මේකේ පල වෙනි පාඩම බැලුවේ නැත්නුම් ඒක මෙතනින් ගිහිල්ලා බලලා එන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1514498

පලවෙනි පාඩමට සහයෝගය දුන් හැමෝටම ස්තුති කරලා මම දෙවැනි ඒක පටන් ගන්නම් පටන් ගන්න කලින් කලිං පුංචි දෙයක් කියන්න තියනවා මම දැක්කා මේ සිස්ටම් හයි කරන රස්සාවක් විදියට කරන අයත් ත්රේඩ් එකට ඇවිල්ලා හිටියා ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා මම වැරද්දක් කනරනවම්, මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම උත්සහ කරන්නේ හරි එහෙනම් වැඩේට බහිමු.



වැඩේ කරන්න කලින් පටන් ගත්ත දෙයක් ඉවර කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියාගෙන වැඩේට බහිමු. මුලින්ම සිස්ටම් ඒක හයි කරන්න ඕනි ස්ථානය හොදින් විමර්ශනය කරන්න කොතනටද වැඩි පුර ආවරණයක් අවශ්ය් වන්නේ කොතන කැමරා හයි කරෝත්ද වැඩිම ප්රශදේශයක් ආවරණය වෙන්නේ කියලා තීරණය කරන්න, ඊට පස්සේ DVR ඒක සහ මොනිටර් ඒක සවි කරන්නේ කොතනටද කියලා තීරණය කරන්න . අපි පාවිච්චි කරන කැමරා වල රේන්ජ් දෙකක් එනවා එකක් 3.6mm මෙක්දී මේකට කවර් වෙන ඒරියා ඒක වැඩි ඒ කිව්වේ පුළුල් ප්රරදේශයක් ආවරණය වෙනවා අනික 8mm මෙක්දී ආවරණ වෙන ප්රඒදේශය අඩුයි ඒ වුනාට සූම් ඒක වැඩි ඒ කිව්වේ ටිකක් ලං වෙලා පේනවා, හයි කරන තැන තෝරද්දී මේ ගැනත් සැලකිලීමත් වෙන්න.

හරි මෙතනින් එහාට වෙන වැඩ ටික එක එක අය එක එක විදියට කරනවා ඉතින් මම කරන විදිය ලියන්නම් කියවලා බලලා ඔයාලාට ලේසි විදියකට වැඩේ කරන්න කොහම කරත් එකයි,

මුලින්ම මම කරන්නේ කැමරා හයි කරන තැන් වලට කැමරා එකේ ස්ටෑන්ඩ් එක හයි කරගන්නවා . හරි විදියට කරනවානම් බිත්තිය ඩ්රිල් කරලා වෝල් ප්ලග් දාලා බෝල්ට් වලින් ස්ටෑන්ඩ් එක හයි කරන්න ඕනි, ඒ වුනාට තමන්ගේ ගෙදර ඩ්රිල් එකක් නැත්නම් එච්ච‍ර හිතන්න එපා හරියට තැන බලලා කොන්ක්රීට් ඇන වලින් හයි කරන්න අවුලක් වෙන්නේ නැ ආපහු ගලවාගන්න ඕනි වෙලා ගලවා ගන්න බැරි වුනත් අලුත් කැමරා ස්ටෑන්ඩ් එකක් රුපියල් 150 ක් විතරයි වෙන්නේ,



හරි ඊට පස්සේ ස්ටෑන්ඩ් එක හයි කරාට පස්සේ වයරින් එක. කැමරාව ලගට වයර් දෙකක් එනවා එකක් වීඩියෝ වයර් එක අනිත එක පවර් එක මෙකිදී වීඩියෝ වයර් එක කෙලින්ම කැමරා එක ලග ඉදන් DVR එක ලගටම යන්නම ඕනි එත් පවර් යන වයර් එක ෂෙයාර් කරන්න පුළුවන් ඒ කිව්වේ වයර් එක යන අතර මගදී වෙන කැමරා එකකට යන පවර් වයර් එකකට මේක සම්බන්ද කරන්න පුළුවන්.

දැන් වයරින් එක පටන් ගමු වීඩියෝ වයර් එකේ කැමරාව පැත්තට දාන කොනට BNC ජැක් එක හයි කර ගන්න TT වයර් එකටත් DC ජැක් එක හයි කරගන්න



ඊට පස්සේ එතන ඉදන් DVR එක තියන තැනට වයර් දෙකම බිත්තිය දිගේ වයරින් ක්ලිප් බාවිතා කරලා සුදුසු විදියට අදින්න, වයර් එක බිත්තිය දිගේ නිකම්ම ගෙනියනවා වෙනුවට කේබල් හවුසින් එකක් දිගේ ගෙනිච්චනම් වැඩේ තවත් පිළිවෙලයි ආරක්ෂාවත් හොදයි හැබැයි එකට අමතර වියදමක් යනවා , මම පැහැදිලි කර විදියට කැමරා හයි කරන තැන ඉදලා DVR එක ලගට වයර් ඇද ගත්තට පස්සේ රෝලෙන් වයර් එක වෙන් කරන්න

ඊට පස්සේ අනිත් කැමරා එක ලග ඉදලා ආපහු ඒ විදියටම අදින්න, මම කියපු විදියට වයර් ටික ඇදලා ඉවර කර ගත්තට පස්සේ DVR එක පැත්තට ආපු වීඩියෝ වයර් වලටත් BNC jack හයි කර ගන්න TT වයර් වලට මොකුත් කරන්න ඕනි නැ දැන් සැහෙන වැඩ කොටසක් ඉවරයි,

දැන් අපි DVR එකට හාර්ඩ් ඩිස්ක් එක හයි කරමු මේක නිකම් කජු කනවා වගේ වැඩක් DVR වටේ තියන ඇන ටික ගලවලා DVR එකේ හවුසින් එක ගලවන්න ඊට පස්සේ ඔයාලට සාටා කේබල් එක දකින්න පුළුවන් ලේසියෙන්ම සාටා කේබල් එක ගහලා එතන තියන බේ එකට හර්ඩ් ඩිස්ක් එක හයි කරන්න DVR එකත් එක්කම හාර්ඩ් එක හයි කරන්න ඇන හම්බ වෙනවා හරි දැන් කෙසින් එකත් වහගන්න ඔන්න එකත් හරි .



ඊට පස්සේ අර කැමරා වල ඉදන් ආපු BNC ජැක් හයි කරගත්ත වීඩියෝ කේබල් ටික DVR එකේ පිටි පස්සට හයි කර ගන්න එක නිකන් ටීවී එකේ ඇන්ටනා ජැක් එක ගහනවා වගේ, ඊට පස්සේ මොනිටර් එකත් DVR එකට ප්ලග් කරගන්න ඔයාලා ටීවී එකට නම් DVR සෙට් කරන්නේ BNC to AV කේබල් එකක් ගන්න වෙනවා හරි දැන් ඒ ටික හරිනේ හැබැයි තවම කිසිම දෙකට පවර් දෙන්න එපා නිකන් වයර් හයි කර ගන්නවා විතරයි හරිද ,

ඊට පස්සේ කැමරා ටිකත් ස්ටෑන්ඩ් එකට හයි කරලා එකේ එන වයර් ජැක් වලට අපි හයි කරපු ජැක් ටික ෆිට් කරන්න

දැන් අපි කැමරා වලට පවර් දෙන්න හදන්නේ ඔය කැමරා වලට වෙනම පවර් පැක් පාවිචිචි කරලා පවර් දෙන්නත් පුළුවන් නමුත් අපි පාවිචිචි කරන්නේ තනි පවර් පැක් එකක්, හරි දැන් අපේ පවර් පැක් එක ගත්තාම එකේ වයර් හයි කරන්න ස්ලොට් 5ක් තියනවා දෙකක් 230 v පවර් ඉන් එක ඒ කිව්වේ අපි කරන්ට් එක දෙන්නේ මෙතනින් මේකට වයර් එකක් දෙකක් හයි කරලා අනිත් පැත්තට ප්ලග් එකක් හයි කර ගන්න අනිත් ස්ලොට් දෙක DC අවුට් එක මේකට අර කැමරා වලින් ගෙනාපු TT වයර් ටික සම්බන්ද කරන්න අනිත් ස්ලොට් එක earth එක .



ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි දැන් ඉතින් සුබ මොහිතින් මේ ටික ඕන කරන්න තියන්නේ ඊට කලින් අපහු සේරම හරියට සවි කරලද කියලා ඩබල් චෙක් කරන්න දැන් DVR එකයි මොනිටර් එකයි පවර් පැක් එකයි ප්ලග් කරලා ඔන් කරන්න සේරම ටික හරියට හයි කරනාම බීප් එකක් හෝ දෙකක් එක්ක DVR වැඩ කරන්න පටන් අරන් මොනිටර් එකට අවුට්පුට් එක එයි

හරි මෙතනින් එහාට DVR එකේ වැඩ කැලි ටිකයි නෙට්වර්ක් කර ගන්න හැටියි පාඩම මම ඊලග පොස්ට් එකෙන් දාන්නම් මොනා හරි ප්‍රශ්න තියනවනම් ත්‍රෙඩ් එකෙන්ම අහන්න මම පුළුවන් විදියට උත්තර දෙන්නම් සහයෝගය දුන්න හැමෝටම ජය වේවා


ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

CCTV ගෙදරදීම හයි කරමු

අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න. හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්යාඩපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්යා්පාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා අපි නවීන තාක්ෂනය බාවිතා කරලා අපේ කාලයත් මුදලුත් ඉතුරු කරගන්න ඕනි. මේ වගේ දෙයක් කරන්න යම් මුදලක් ආරම්බයේදීම වැය වුනත් මෙයින් වෙන කාර්ය ඊට වඩා බොහම වැඩි.

මොකද්ද මේ CCTV කියන්නේ

විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.

CCTV පද්ධතියක අඩංගු මොනවාද



• කැමරාවක් හෝ කිහිපයක්,

• DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

• සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

• සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

• දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)
කොච්චර වියදමක් යයිද

මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්රවශ්නේ, මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්ර්ධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්යs තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එකේරෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.

DVR

ගණන් අඩුම DVR ඒක රුපියල් 8000 මේකට කැමරා 4 ක් වෙනකම් හයි කරන්න පුළුවන්, නෙට්වර්ක් කරන්නත් පුළුවන්, හැබැයි මේක ටිකක් බේසික් DVR එකක් කොලිටි එකත් එච්ච්චර හොද නැහැ, ඔයාලා පිට කාට හරි කියලා කර ගත්තොත් මේක තමා දාන්නේ, මම මේකට එච්චර කැමති නැහැ,
මම සාමන්යෙන් පාවිච්චි කරන්නේ 12000 ට තියනවා පොර්ට් 4 ටිකක් හොද DVR එකක් මේකේ විශේෂාංගය තමා මේකට ඩොන්ගල් ගහන්න පුළුවන් ඒ කියන්නේ SLT නැති තැනක වුනත් ඩොන්ගල් එකෙන් මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් මේකේ ඇඩ්වාන්ස් වැඩ කෑලි ටිකක් තියනවා ඒ ටික ඉස්සරහට කියලා දෙන්නම්


කැමරා

කැමරා කොලිටි කිහිපයකින් කැමරා වර්ග කිහිපයක් තියනවා ඒවා ගැන දීර්ග විස්තරයක් කරන්න මට වෙලාව මදි පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවනම් පැහදිලි විස්තරයක් ගන්න පුළුවන්, රුපියල් 3000 ඉදලා උඩට කැමරා වර්ග තියනවා, මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෝනි චිප්සෙට් තියන 6mm බුලට් කැමරා ඒක ඒක රුපියල් 4500 ට විතර ගන්න පුළුවන් මේක අවුට්ඩොර් හයි කරන්නත් පුළුවන් , කැමරා කඩේකට ගියාම එයාලා ලග තියනවා එව්වා ගහලා පෙන්නවා දෙක තුනක් බැලුවාම මොකද්ද හොද කියලා ඔයාලට තේරෙනවා මම කැමරා වල මිල ගණන ටිකක් සදහන් කරන්නම්

1. CMOS CAM 3000-4000/= up

2. VGA CAM Sharp chip set with night vision 4000/= up

3. VGA CAM SONY chip set with night vision 4500/= up

4. 720 CAM 8000/= up ( මෙන්න මේවා තමා දැනට පෙටා වල තියන හොදම කැමරා කොලිටි ඒක හොදයි)
අමතර උපාංග

ඕනි වෙන දේවල් වල මිල ලැයිස්තුවක් මෙන්න මෙන්න කැමරා ක සිස්ටම් එකකට යන දල වියදම අදහසක් ගන්න විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

4 Ports DVR 12000
Hard Disk 500GB 8000
4 Cameras 4500*4 18000
8 BNC jacks 60*8 480(කැමරාවට වීඩියෝ කේබල් හයි කරන්නේ මේ ජැක් එකෙන්)
4 DC jacks 30*4 120 කැමරා වලට යන පවර් කේබල් එකට හයි කරන්න )
5amp Power pack 1100
Video Wire 1800 වයර් රෝලක්ම යන්නේ නැ ඒ වුනාට ගන්න වෙනවනේ )
TT wire 1800

Total 43300

හරි ඕක තමයි දෙන්නපුළුවන් කෙටි හැදින් වීම දැන් අපි වැඩේ කරන්න යමු කොම්මෙන්ට් වැටෙන විදියට ඊලග පොස්ට් ඒක දාන්නම්,
ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

Monday, November 3, 2014

Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු

Up ★★ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ] 


ඔන්න මචන්ලා අරගෙන ආවා Torrent File එකක් IDM හරහා Direct ම ඇදගන්න පුලුවන් තවත් අලුත්ම සයිට් එකක්. මේක හරහා Document , Music , Videos , Photos වගේ ඕනෑම එකක් Share කරන්නත් පුලුවන්. මේකේ Acc එකක් ලේසියෙන්ම FB හෝ GMail එකක් හරහා Log වෙලා හදාගන්න පුලුවන්. Torrent එකක් Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. තවත් එකක් මේකේ යාලුවෝ 100 වඩා ඉන්නවනම් Premium Features FREE හම්බවෙනවලු. ඒක නිසා ගැනත් පොඩ්ඩක් බලන්න. මේක තවමත් Beta මට්ටමේ තියන එකක්. මේ සයිට් එක තමයි " Hive.im ". වැඩේ කරලම බලන්නකෝ.



මෙහෙමයි Acc එකක් හදාගන්නේ.

>> මෙන්න මේ සයිට් එකට " Get Free Account " කියන එක ක්ලික් කරන්න.



>> ඊට පස්සේ FB , Google , Email වලින් කැමති ID එකක් දීලා Acc එක හදාගන්න.



හරි මෙහෙමයි මේ සයිට් එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

>> මේකේදිත් අපිට Torrent ගොනුවක් Direct බාන්න පුලුවන් වන්නේ එම ගොනුවේ Magnant Link එක හරහා තමයි. ඒක නිසා ඔයාලට බාගන්න ඕණ කරන Torrent ගොනුවේ Magnant Link එක කොපි කරගෙන " Add Files To Your Hive " කියන එක ක්ලික් කරන්න.





>> ඊට පස්සේ " Paste " කියලා තියන තැන ඔයාලා කොපි කරගත්තු Magnant Link එක Paste කරලා " Transfer " ක්ලික් කරන්න.



>> Trandfer යටතේ " In Your Hive " කියලා තිබ්බොත් අපිට පුලුවන් දැම්මම මුවී එක Download කරගන්න



>> Trandfer යටතේ " Pending " කියලා තිබ්බොත් ටික වෙලාවක් යයි මුවී එක සයිට් එකට Download වෙන්න. 



මෙන්න Download Speed එක.