Pages

Wednesday, November 26, 2014

නොදන්න අංක තහඩුව


වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන ‍කොට තව දෙයක් මතක් වෙනවා..!
මොකක්ද ඒ?
ඒ අංක තහඩුව ගන්න...

වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී.
සමහර ඒවා ඉංග්‍රීසි අකුරු.
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද?
නිකම්වත් හිතලා බැලුවද ??


RMV නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න බො‍හෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම !

ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ 1902 වසර.

අන්න ඒ වාහන වලට නිකුත් කරපු අංක තහඩු
වල අංක නිකුත් වෙලා තියෙන්නේ “A“ – “Z “දක්වා අකුරු වලින්.



ඒ 1940 දක්වා වෙනකන්.
මේ වාහන දැනට නම් භාවිතයේ නෑ.
කෞතුක වස්තු විදියටප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්.



Vintage Car Club of Ceylon (VCOC) ලෙස හැදින්වෙන ලංකාවේ පැරණි වාහන හිමිකරැවන්ගේ සමාජයක් ද පිහිටුවා ඇත.
එහි නිල වෙබ් අඩවියට මෙතනින් යන්න
1928 වසරේ මෝටර් රථප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා.

1940 වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට CEYLON යන වචනයේ අකුරු පිළිවෙලට "O" අක්ෂරය හැර CE CY CL CN හා නැවතත්
E අකුරෙන් පටන් ගෙන EY EL EN ලෙස 1956 වසර වෙනකන් වාහන ලියාපදිංචිය සිදු කෙරුනා.



ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා..
ඒ ගැන පහතින් දැක ගත හැකියි.



මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්‍රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්

1956 වසරේ "ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා.
ඊට පස්සේ 1,2,3 විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා.



ඒ ගැන බලන් යන කොට වාහන අංක ගැන යම් මතකයක් දැනෙනවා නේද??

මේ ක්‍රමය 1990 වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි.
කියවන බොහෝ දෙනෙකුට නම් ("-" ඩෑෂ්) සහිත වාහන ගැන මතකය අනිවාර්යයෙන්ම ඇති නේද?



ස්ටිකර් කපන කඩයකින් තමන්ට ඕන විදිහට මේ අංක තහඩුසකස් කරගන්නට හැකියාව තිබුනා.

පහත දැක්වෙන්නේ එසේ නිකුත් අංක හා ඒවාට අයිතිවන වාහන වර්ගයයි.



DPL- රාජ්‍ය තාන්ත්‍රික වාහන සදහා වෙනස් වු අංක තහඩුවක්



මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ 2000 වසරේදීයි.
ඒ ඉංග්‍රීසි අක්ෂර ක්‍රමය භාවිතයට එනවා.
ඒ පහත පෙන්වා ඇති ආකාරයටයි.එහිදි වාහන වර්ග තේරීමකින් තොරව අංක ලබා දීම සිදුකරනවා...



මේ විදියට "I" අකුර ඇරෙන්නට JA-JZ දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින්ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ ‍මේ අංක තහඩුනිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි.

මේ අංක තහඩු සමගවිශේෂ ස්ටිකරයක්ද නිකුත් කෙරෙනවා.
එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය, ඉන්ධන වර්ගය, වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා.



මේ ක්‍රමය 2005 වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනුව වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි ඒ වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්.
මේ ආකාරයට තමයි වර්තමානයේ වාහන සඳහා අක්ෂර භාවිතා වෙන්නේ.



රතු පැහැති P අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි.

ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවාකියලා ඔයාලාට තේරෙනවා ඇති.

මේ දවස් වල තම දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි කර ගත හැකි මෝටර් සයිකල් සඳහා මේ දිනවලදී ගාල්ල ප්‍රදේශයේ නිකුත් කරනුයේ XY අංකයන් වේ.

රතු පැහැති අංක තහඩුවක් හදිසියේ හෝ ඔබ දැක ඇති..



ඒවා හදුන්වන්නේ ගරාජ් අංක විදිහටයි. යම් රථයක් ආනයනය කල පසු වරායේ සිට ආදාල අලෙවි කරන ස්ථානයට ගෙනයාමට පමණක් එම රතු පැහැ ගරාජ් අංක තහඩුව භාවිතා කිරීම සිදුකල හැකි බව පැවසේ. 2012 ජනවාරි මස සිට එවැනි ගරාජ් අංක මගින් මාර්ගයේ අනවසරයෙන් ධාවනයකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.


දන්න වාහනයේ නොදන්න අංක තහඩුව ගැන ඔබේ දැනුමට යමක් එකතු වුනා කියලා හිතෙනවනම් සලකලා යන්න අමතක කරන්න එපා හොදද...!!

1 comment: