Search This Blog

Wednesday, January 21, 2015

ඔබගේ Pen එකට කොපි කර තබාගත යුතුම මෘදුකාංග 12ක්

ඔබගේ Pen එකට කොපි කර තබාගත යුතුම මෘදුකාංග 12ක්

අපගේ පෞද්ගලික පරිගණකයට අමතරව වෙනත් පරිගණක භාවිතා කිරීමට විවිධ අවස්ථාවන් වලදී සිදුගු වෙනවා. ඉන්ටර්නෙට් කැෆේ එකක, රාජකාරි ස්ථානයේ හෝ මිතුරෙකුගේ නිවසේදී හදිසියේ පරිගණකයෙන් යමක් කර ගැනීමට සිදු වූ අවස්ථා ඔබට මතක ඇති. එවැනි අවස්ථා වල අප මුහුණපාන ප්‍රධාන ගැටළුව නම් අවට අවශ්‍ය මෘදුකාංග එම පරිගණක වල නොමැති වීමයි. මෙයට සාර්ථකම විසඳුම ඕණෑම අවස්ථාවකට සන්නද්ධ පෙන් එකක් ඔබ ළඟ තබා ගැනීමයි.  මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ එවැනි අවස්ථාවක පිහිටට ගත හැකි , ස්ථාපනය නොකොට කෙලින්ම භාවිතා කළ හැකි මෘදුකාංග කිහිපයක් වෙත. මෙම මෘදුකාංග ඔබගේ පෙන් එකට කොපි කර තබා ගැනීමෙන් ඕණෑම අවස්ථාවක, ඕණම පරිගණකයක ඔබට අවශ්‍ය දෙයක් කිරීමට හැකි වනු ඇති.

NirLauncher

nirlauncher
NirLauncher යනු නොමිලේ ලැබෙන යුටිලිටි මෘදුකාංග 150 කින් යුත් පැකේජයක්. මෙහි පාස්වර්ඩ් රිකවරි මෘදුකාංග, බ්‍රවුසර් හිස්ට්‍රි බැලීමේ මෘදුකාංග, ඩවුන්ලෝඩ් වේගය බලා ගැනීමට මෘදුකාංග, වැනි වටිනා නමුත් කුඩා මෘදුකාංග රැසක් මෙහි අන්තර්ගත වෙනවා. 

Microsoft Safety Scanner

microsoft-safety-scanner
ඔබගේ පෙන් එකට ප්‍රති වයිරස මෘදුකාංගයක් එක් කර ගැනීමත් ඉතා වැදගත්. අනෙක් පරිගණකයකින් ෆයිල්ස් කොපි කර ගැනීමට ප්‍රථමයෙන් ඒවා ස්කෑන් කර බැලීම ප්‍රයෝජනවත්. මේ මෘදුකාංගය නිසා පරිගණකයේ ප්‍රති වයිරස මෘදුකාංගයක් තිබුණත් නැතත් ඔබගේ ගොණු ආරක්ෂා කරගත හැකියි. මෙවැනි තවත් හොඳ මෘදුකාංගයක් නම් Kaspersky  සමාගමේ Virus Removal Tool එකයි. තවද  ClamWin Portable වුවද භාවිතා කළ හැකියි.

Infra Recorder

infra-recorder
Infra Recorder මගින් CD හා DVD රෙකෝඩ් කිරීමට හැකියාව ලැබෙනවා. ඩිස්ක් ඉමේජ් සාදා ගැනීමට, CD එකකින් හෝ DVD එකකින් තව ඩිස්ක් එකකට කොපි කිරීමට, CD රිප් කිරීමට ආදී බොහෝ කාර්‍යන් මෙම මෘදුකාංගය මගින් බොහොම පහසුවෙන් කරගත හැකියි.

System Explorer

system-explorer
System Explorer මෘදුකාංගය කුඩා නමුත් බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයක් මෙමගින් පරිගණකයේ processes, startup programs, add-ons, windows services, drivers, network connections සහ තවත් බොහෝ දෑ පිළිබඳ දැනගත හැකියි. එමෙන්ම VirusTotal සහ Jotti වැනි සේවාවන් භාවිතා කර පරිගණකයේ ඇති ගොණු වුවද පරීක්ෂා කරගත හැකියි.

VLC Media Player Portable

vlc-media-player
මේ මෘදුකාංග ලයිස්තුවට මීඩියා ප්ලෙයර් එකක් එක් කර ගැනීම නිශ්ඵළ ක්‍රියාවක් වන්නේ නැහැ. ඒ සදහා සුදුසුම මෘදුකාංගය වන්නේ VLC හැර අන් කවරක්ද? ඔබ පෙන් එක සම්බන්ධ කරන පරිගණකයේ කුමන මීඩියා ප්ලෙයර් එක තිබුණත් දැන් පෙන් එකේ ඇති VLC මගින් MPEG-1, MPEG-2, MPEG-4,DivX, XviD, WMV, MP3 ඇතුළු ෆයිල් වර්ග ගණනාවක්ම පහසුවෙන් ප්ලේ කරගත හැකි වනු ඇති.

GIMP Portable

gimp-portable
ඔබට හදිසියේ ‍පින්තූරයක් එඩිට් කිරීමට සිදු වුව හොත් ඔබ සිටින ස්ථානයේ ඇති පරණකයක ෆොටෝෂොප් මෘදුකාංගය ඇතිදැයි සොයා බැලීමට සිදු වෙනවා. නමුත් GIMP ඔබේ පෙන් එකට කොපි කර තබා ගැනීමෙන් ෆොටෝෂොප් සොය සොයා සිටීමට අවශ්‍ය වනේ නැහැ. GIMP හි ෆොටෝෂොප් සතු බොහෝ පහසුකම් එළෙසම පාහේ අන්තර්ගතයි.

KeePass Password Safe

keepass-portable
මෙම මෘදුකාංග අතර ඇති බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස KeePass හැඳින්විය හැකියි. ඔබත් බ්‍රවුසරයේ පාස්වර්ඩ් සේව් කර තබා ගන්නා අයෙක් නම් ඔබ භාවිතා කරන පාස්වර්ඩ් ඔබට මතක නැතිව ඇති. නමුත් මෙම මෘදුකාංගය මගින් ඒවා සේව් කර තබාගත හැකියි. මෙහි ඇති encryption නිසා ඔබගේ පාස්වර්ඩ් වල ආරක්ෂාව තහවුරු වනවා.  ඔබ කොහේ ගියත් මෙම මෘදුකාගය පෙන් එකේ තිබේ නම් පාස්වර්ඩ් අමතක වීම ගැන කරදර විය යුතු නැහැ.

Recuva

recuva
පෙන් එකකින්, SD කාඩ් එකකින් හෝ දෘඩ තැටියෙන් හදිසියේ ඩිලීට් වූ ෆයිල් එකක් නැවත ලබා ගැනීමට අපට උපකාරී වන Recuva මෘදුකාංගය ගැන අප බොහෝ දෙනා දන්නවා. එහි පෝටබල් සංස්කරණය පෙන් එකේ තබා ගැනීම මගින් අතපසු වීම් මගින් ඩිලීට් වන ගොණු ගැන බිය විය යුතු නැහැ.

SoftPerfect Network Scanner

network-scanner
පරිගණක ජාල සම්බන්ධයෙන් මෙම මෘදුකාංගය බොහෝ වැදගත් වනු නියතයි. IP address, MAC address, host name ආදිය දැන ගැනීම වැනි සරල ක්‍රියාවේ සිට නෙට්වර්ක් එකේ ඇති පරිගණකයක් remotely shutdown කිරීම දක්වා සංකීරණ කාර්‍යන් මෙම මෘදුකාංගය භාවිතයෙන් ඉටු කර ගැනීමට පුළුවන්.

TreeSize

treesize
සමහර අවස්ථා වලදී පරිගණකයේ ඇති දෘඩ තැටි පිරී යනවා. නමුත් අපට කුමන ෆෝල්ඩරයක වැඩියෙන් ෆයිල්ස් ඇතිදැයි අවබෝධ කරගත නොහැකියි. TreeSize මෘදුකාංගය මගින් ඔබගේ දෘඩ තැටියේ ඇති ෆෝල්ඩර සහ එහි ප්‍රමාණය පෙන්වනවා.

Firefox Portable

firefox-portable
තවමත් බොහෝ අය පරිගණකයේ Internet Explorer භාවිතා කරනවා. එයින් අන්තර්ජාලය පරිහරණය කිරීම තරමක් කටුක ක්‍රියාවලියක්. නමුත් ෆයර්ෆොක්ස් පෝටබල් මෘදුකාංගය පෙන් එකේ තිබීමෙන් එම කටුක බවින් ඔබට අතමිදීමට පුළුවන්. එමෙන්ම මෙමගින් ලැබෙන තවත් වාසියක් නම් ඔබ ඔබේ නොවන අනෙක් පරිගණකයේදී අන්තර්ජාලය භාවිතා කළත් හිස්ට්‍රි එක එම පරිගණකයේ නො රැඳීමයි.

Pidgin Portable

pidgin
මෙය චැට් මෘදුකාංගයක්. Gtalk,Yahoo, ICQ, AIM, IRC, Samtime ආදී සේවා බොහෝ ගණනක් සදහා මෙය සහය දක්වනවා. අනෙක් පරිගණකයක ඔබගේ ගිණුම් විස්තර ටයිප් කිරීමට අකමැතිනම් ඒ සඳහා හොඳම විසදුම Pidgin මෘදුකාංගයයි.

හැමතිස්සෙම ඔ්න වෙන Serial Key සෙට් එකක් Free

හැමතිස්සෙම ඔ්න වෙන Serial Key සෙට් එකක් Free

අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින කියන දෙයක්. ඔයාල ගොඩක් කට්ටිය පාවිච්චි කරන හැමදාම ඔ්න වෙන සොෆ්ට් වෙයාර්ස් Active කරගන්න ඔ්න වෙන සුපිරි ම ගනේ Serial Key සෙට් එකක්. ඔයාලත් Save කරල තියාගන්න.



Uniblue Speed Up My PC 2011 5.1.1.1 Serial:
SP-PQTWP-FKF6H-JCBH9-7UQB7-DWK43-GJEUF

SET NOD32 Antivirus Smart Security 4 Keys
Username: EAV-44623300
Password: mk538ed235
Username: EAV-44504694
Password: k8k3spnujk
Username: EAV-44506038
Password: tk2scjt63h
Username:EAV-44749569
Password:5c4e2rcxfb
Username:EAV-44748649
Password:uvak4b4baj
Username:EAV-44748670
Password:87djmxkv6e
Username:EAV-44749535
Password:c35cbrb3jh

Username:EAV-44750646
Password:ca5n2rtd57
Username:EAV-44750666
Password:j3xceemhaf
Username:EAV-44750669
Password:5v7e84vd3r
Username:EAV-44749537
Password:jn586kkrjc
Username:EAV-44749560
Password:ese8jud87h
Username:EAV-44749695
Password:udhr8mj2n7
Username:EAV-44749708
Password:va6pb6542n
Username:EAV-44748549
Password:sjd8u7bchx

ESET Nod 32 4.0 all version working keys Till 2015
Username:EAV-43398382
Password:s6h25db4c3
Username:EAV-43398400
Password:58tb266fvn
Username:EAV-43398306
Password:2uvxs3dh55
Username:EAV-43398307
Password:c465stdpth
Username:EAV-43398323
Password:pb84cfubpd
Username:EAV-43398340
Password:nacaaephjk
Username:EAV-43398378
Password:3ka3fxnfjv
Username:EAV-43398379
Password:8aavas27kr
Username:EAV-43398380
Password:kfh4aj2db7
Username:EAV-43398342
Password:uvb65a37je
Username:EAV-43398352
Password:p628d2aku5
Username:EAV-43398365
Password:mjdvck67h2

Microsoft Office Home and Student 2007 100% Key
HBC66-D6YR7-CRP7H-T8VP4-99PMW
QXMDH-CRYFM-QFR87-HB783-T7RFQ
P37JV-FYJ32-YHH3T-KX7GX-7BJY3
HRMGX-K8WKJ-7FBGW-FTBCY-DWCM3
RCFMT-WFT7M-R779R-BJQMB-M2KWD
T9HJX-4C3BM-MG2R6-WC933-RCBRT
BTT7P-9HBFP-6QHM7-RFHDV-X8XWG
HWMMV-7H4DT-J2PJ6-YB8X4-VQCM6
JM2QC-KMVTP-VR8GV-HJRKQ-YWXWG
BHD34-K6BT7-T6PXP-BXKT4-X3G8D
DDH8T-C2JGD-G6MWW-6CYBV-BDTB6

Microsoft Office 2010 Retail serial Key
YC8CK-XCDKK-HT398-G8QMY-MC4KG
MV874-M39G6-62W84-37JCQ-32YWB
H3V6V-MJRJT-79V3J-92F9F-R6268
36RJP-T4Y8B-P9HGT-G4C2X-7CB83
BQB2C-G4YR8-6KP2R-6DXJ6-X7TMY
CDQMC-TH6VC-CKCXV-36HRT-QC3DY
V4D3D-MRYR3-Q77QP-9GPB4-8P3DY
HCMJ4-4WM8Q-Q2QTR-WGPD2-Y6QDY
R7FKB-HMKXF-P38MF-HB9HW-VKYMB
RCHJ4-CM64F-GRHK7-BQYC9-K23DY
Q3MR2-7XRGP-HYTGX-V9GMQ-JJMMB
H3YQC-FF4VG-6W8BK-CT6Q3-CGVYB
FTF82-49K3J-BGJQV-RGPMB-7TQDY
Q33W9-T8636-W9VP2-Y87VJ-BDMMB

Microsoft Office Professional plus Retail key
WXJR-XXTM8-XTHJC-Y9P6K-TTBJH
C8YCF-KGDQ3-PFT29-88GT6-Q3KBB
D6Q7W-DKQBQ-W8862-V7HJ9-VY3WB
6BR37-HPGCV-VRM4C-VYVC8-66VX6
2YBB3-FBKX7-HVT4G-DP82G-VGP29
74329-VF7BM-2CDB7-PG3CD-RJMRP
278RC-WK9QG-PVYD7-3MWPF-J9W2K
GMWMX-7G27C-96KWD-TJHXK-RBHTF
RDGF9-WX39F-CGPD8-XFTFQ-WQBQ8

Microsoft office Home and Student 2010 Serial
2KGBH-GH34V-RF6JQ-7Y8PB-VWR8W

WinZip v15.0 Serial Key
ziax9-cvc2u-3fepf-mjka9-xqo2a-oedclzo
tzd6b-bxd3w-mo4us-ipwcs-bodja-ufdclzo
qsvyg-afppm-vl3zq-mwjss-djkha-fkdclzo

CyberLink powerdirector 9 Serial
BF937-FZ7NB-KHZEY-B3LAP-BNEFL-VT3EW

Total Video Converter 3.71 Serial
6DEC207B-F3C6764F-0E90B64F-80F3052A-5FB4E1A9-A9050784-1DA74A30-6E95FC39-B4F627AB-406D07C1-97BAB567-806A4672-39A2B2A5-0C7E9E30-8DFDD3CD-B67F235C
DFC5A0BA-023B98DA-320F9A39-71535F5F-5CFB7288-095258DA-45B477A5-D916E431-EA0DFCB3-525C12DE-C04285C4-7D78AB14-95DDAE18-D684A60B-B5F7BDC9-122DBEC
4D00F429-1FECE58B-DE027AC0-19ADEFB8-166B6D05-3457422C-F57D9F4B-FB0411D9-4F31A2F0-C74724B3-1FF8B8AF-3EEF0751-AD159250-0E7CE6B4-733B0E2E-CAF3DA59

Tune-up Utilities 2011 Serials
J250BQ-JV7CKD-57MEQ9-TNQY37-T227VK-NNKJ0F
J83R7W-09YTEY-D3NBT8-NAW7WT-41CAW8-C5CB0N
YC40X1-Q1VRN4-JMBJWF-D9VDQF-Y8Q5XT-PWMCPQ
7W83H3-DM6MM0-B267Y8-3M5H63-TNCN47-YRT5B9
25HAB6-TW5YN4-Y5HMPV-WDNCT5-X92T0P-Y3MBQF
TC20WH-JJ4TMC-R7734Y-7Q3T4D-KXDJH8-CN8EPH
MNTK1Y-HW5YR8-BPQHRC-WWDNJJ-HPPXME-9XQBXQ

Latest updated Tune-up key
DV77CD-V10K5J-3HWWD3-2Y2EEQ-4K4PVX-KV1DYT

Webroot Spy Sweeper 6.1.0 Serials                    
SSFC-ONLN-AADI-OOBZ-MSTW
SSFC-ONLN-AADI-OOGA-NRYV

Wonder Bit LifePhotoMaker v1.62 keys
0WJCQB-447TM6-E905UJ-D8F6NX-58GXNZ-HEU3HJ
0WJCQB-447TP4-7J23NZ-NW0R1D-AFB6MR-JJCB27
0WJCQB-447TPC-K12DQG-TAKEYT-9Y16UB-5K1HM6

Windows 7 All Version Update key

Windows 7 Home Premium:
6RBBT-F8VPQ-QCPVQ-KHRB8-RMV82

Windows 7 Professional:
1) VTDC3-WM7HP-XMPMX-K4YQ2-WYGJ8
2) 6RQ9V-6GCG4-8WV2H-966GF-DQ4DQ
3) 32KD2-K9CTF-M3DJT-4J3WC-733WD

Windows 7 Ultimate:
1) FJGCP-4DFJD-GJY49-VJBQ7-HYRR2

USB Secure v1.5.8 Serial :
Serial: U2-453444412-1111
Activation Key: 42F2BAD81844AC38FC5A46E2

Advanced SystemCare Pro 4 Serial
48F0-48F0-F0FF-0CD7

Adobe photoshop CS5 Keys
1330-1451-8723-5410-7237-6068
1330-1464-8862-0857-4064-8596
1330-1611-5806-7017-8124-5859

Microsoft Office 2010 Professional Serial Only
22HGX-728MX-BBWX9-7BB8X-J96B4

Project 2010 Professional use
CQYRY-3KBR3-JW34C-VGH7M-MQM49

Visio Premium use
PQCFB-YGXGC-TXB66-DH3VW-GCGYQ
Windows 7 Ultimate E OEM Serial
TWMF7-M387V-XKW4Y-PVQQD-RK7C8

Autorun Virus Remover serial
Name: Dabangkhan
Serial: ESOSZ

Internet Download Manager 6.06 Build 2 Serial
Name: Dabangkhan
Serial: HP725-68X5M-IIW8F-8411F

TypingMaster Pro 7 Full version Working Key
Launch TypingMaster Pro, and enter license:
License ID: Don Moy
Product Key : 646MW-37XU-HLS-4PCNH47
Close the program and go to program files folder of TypingMaster (e.g. C:/Program Files/TypingMaster )
Right Click on file "tmaster8.net" and go to properties and apply attribute "Read Only"

Uniblue PowerSuite 2011 3.0.1.3 Serial
PS-E9J3T-HHJSM-PV3RM-REXGT-EPJK4-PBTF4

AVG Pc Tune Up 2011 Serial
YA5R41-3PM8J2-MTRD2K-PV0PM3-33­­F06P-DHTBJW
RRDNDT-XBFM7C-N9RJRJ-9F8NT1-RE­­1P1V-AQYBRN
5YHDTE-9RWA0K-P1WD6M-F4BVQR-6Q­­KBWA-Y0YJPP
DE9M46-1V8AK7-RQD4FE-X3BAJ6-37­­256N-8YD5PB
YADCM4-EMHPHT-XE27KW-8H1P34-F8­­1MYC-5A5AJB
JBFWRC-JXQ3BR-F5B8AP-QWM172-85­­FN15-56PKWC

WinZip v14.5 Serials 100% worked
CE3K3-7NWXA-GR38J-9QWU5-T3YU3-QH30R
EXXX5-2D1N5-CX558-NGKQ7-2UY3Q-8V8ZP

Nero Burning Rom 10
Serial :9X0C-004C-AXCP-797C-7ET6-C723-1ALK-2UTP
Just Follow these step before insert Serial Key >
1.Bock the program accessing internet using firewall/Disconnect internet.Then Install the application
2.Use the serial provided to register,
3.DO not update the program.
4.Done

AVG Anti-Virus Pro 2011 Keys Till 2018
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-Q­EMBR-ACED
8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-D­EMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-8QEFN-U­EMBR-ACED
8MEH-R6BFE-HWUHF-DPNDA-VFUWX-2­EMBR-ACED

Nero 10.5 All products keys Serials
Plugins Serials >
DTS Plug-In: KK00-5195-199K-254K-132E-9056-XC07
DTS Plug-in: 9K00-40E3-8E80-57C0-5058-2410-44A2
mp3PRO Plug-In: KC00-203X-1886-2446-051E-54C2-XC60
mp3PRO plug-in: 1C00-8014-9880-2000-408M-M5K3-M12E
Gracenote Plug-in: 9M0C-0194-WHXE-0EL6-CXK9-L81P-61C6-47X1
Nero Move it Plug-in: 9X11-00AK-W57M-MWHT-WP1C-M79W-WA1X-07W2
Nero Blu-ray Disc Playback Plug-in: 9X12-008A-M8PK-M1AU-0944-AM34-T88E-087A
Nero Multimedia Suite 10.5 Platinum HD serial >
Nero Multimedia Suite 10.5 or
Nero Multimedia Suite 10.5 Platinum HD
9X03-014M-337H-H1CZ-L2KK-229X-1ZUX-LPHA

Winamp Pro 5.58 Build 2975 serial
3MMW8-ZFCNO-C9ETR-N6U97

TrustPort USB Antivirus 2011 v11.0.0.4615
TP-NFRx-ZTC2-MJEX-MJY1-H6GZ14DJ
TP-NFRx-MZRH-NG9W-MMVK-BVZ4AKXT


Here there are some other important software’s serial keys placed alphabetically.
3D Studio Max 4 :::: Number: 226-19791979 / CD Key: XLSQBQ
-Adobe Golive 4 :::: GJW400R2100006-625
-Adobe InDesign :::: IPE123R12345678-337
-Adobe PageMaker 6.5 BR :::: 03-5004-201500745
-Adobe PageMaker 7.0 :::: 1039-1121-2998-7586-7388-7545
-Adobe Premiere 6.0 :::: MBF500B7205104-998
-Adobe Premiere 7.0 PRO:::: 1132-1381-7346-2847-2617-6783
-Aldus Photo Styler 2.0 :::: 15-1001-000000001
-Adobe Framemaker 7.0 :::: 1030-1208-8265-3458-9287-7077
-Adobe Premiere 6.0 :::: MBF500B7205104-998
-Adobe Premiere 6.5 :::: MBE600R7100024-900-960
-Adobe Premiere Pro v7.0 :::: 1132-1381-7346-2847-2617-6783
-After Effects 5.5 :::: EWW470R1001999-030-259
-Aplicativos Comerciais :::: 2003 0947201
-Architectural Desktop 3.3 SERIAL :::: 400-12345678 / CD KEY: T4ED6P
-AutoCad 14 :::: 117-99703105 / W36H / C3DF32EA
-AutoCad 2002 SERIAL :::: 400-12345678 / CD KEY: T4ED6P
-CakeWalk Home Studio 2004 :::: CWHS2.20-003021
-CakeWalk Home Studio 2002 XL :::: 2002 XL CWHX1.02-002397
-CakeWalk Pyro 2003 :::: CWPY200333333 / MP3: 95F5AGFD
-CorelDraw 8 :::: DR-8XR-23969F-63
-CorelDraw 11 :::: DR11CRD-0012082-DGW
-CorelDraw 12 :::: DR12WEX – 1504397 – KTY
-Curso – Flash 4 :::: 540234330 / 55623255258 / 5279103
-Delta Translator :::: DTR2-29108-84895-00412-18
-Dicionário Michaelis V.5.0 BR :::: CD6BL9805083
-Easy CD Creator 5.2 :::: G332NB-MGJNH-ZFVPB
-Easy CD Creator 5 :::: P-7TGQ4-G06CM-N5G1L
-Easy CD Creator 6 :::: BD-JWZS4-QX3MR-0241L
-Easy Media Creator 7.0 serial :::: YN-Y7WVY-CQXG6-K3KWZ
-Enciclopédia de Tomografia Comp. LEE :::: RUSR23351
-Empresário 3 serial :::: e3co-1-co-065-00-00-m1oe111
-English Teacher :::: 03231183
-Exchange 2000 Server :::: KRJQ8-RQ822-YRMXF-6TTXC-HD2VM
-Globalink Power Translator 6.4 :::: PT6PU7-6.41-698-0474
-Guia do Sexo :::: 3746
-Houaiss :::: DHS-21771533
-Inventor 4 :::: 202-12345678 / CD KEY: G4ED6P
-James Bond 007: NightFire :::: 1740-9488245-5171152-5578
-Jurissíntese Millenium :::: JS164-29
-Kylix 3.0 :::: 6AKT-TE29VM-7GZV6D-28?Y / Aut. Key: GFW-?RW
-Macromedia Studio MX :::: WSW600-59791-91721-99978
-Make Money 2.0 :::: PRF 0200153
-Mechanical Desktop 6.0 :::: 400-19791979 / CD-Key: TLSQBS
-Norton System Works 2005 :::: BBCQ-9BCY-PKCX-GJPD-GYTK-HKGJ
-Norton Inter Security 2005 :::: BBCY-PK26-GKCP-7BCM-VY22-3VMF
-Office 2000 :::: GC6J3-GTQ62-FP876-94FBR-D3DX8
-Office 2003 :::: GWH28-DGCMP-P6RC4-6J4MT-3HFDY
-Office XP Full BR :::: HXT2X-8CDBF-HYY8H-TYJ7Q-HMHHG
-Ominipage 11 :::: 2889A L00 500020
-Page Maker 7.0 :::: 1039-1121-2998-7586-7388-7545
-Photoshop 5.5 BR :::: PWB550E7100088-110
-Photoshop 6.0 BR :::: PWW600R7105467-948
-Photoshop 7.0 :::: 1045-1209-6738-4668-7696-2783
-Photoshop 8 CS :::: EWW470R1001999-030-259
-Photoshop Elements :::: 1057-4422-1198-0751-6983-5530
-Plus Windows :::: 95 411-1410701
-Project98 BR :::: 1112-1111111
-Project Server BR 2003 :::: WFDWY-XQXJF-RHRYG-BG7RQ-BBDHM
-QuarkXPress 5.0 :::: 39173027QHSKKJF3199PYJX2
-RoboHelp Enterprise 2002 :::: REF22-C3E40SHK
-ROXIO EASY CD & DVD CREATOR SUITE 6.0 :::: BD-JWZS4-QX3MR-0241L
-Seagate Crystal Reports 8.5 :::: A6A50-8900008-ZE1007S
-Seagete Crystal Reports 9.2 :::: AVS50-81SG00S-G61002U
-SIC 3.02 Serial :::: 12D2-2501-8410-32X0-6752 / Série: 060086
-Sound Forge 5 :::: 3B-9FWG9Z-T60ZYS-0QZY0D
-Ulead Vídeo Studio 8.0 :::: 81102-86000-13994421
-Via Voice :::: RPB000049301
-Visual Kit 5 V.6.0 :::: W60.000.001.425-789
-Visual Kit 5 V.7.0 2003 :::: U5R.
-Visual SouceSafe 6.0 :::: 885-2814463
-Visual Studio 6.0 :::: 111-11111
-Visual Studio.net :::: D64GG-GXY6T-V6FTR-WCPBB-2YDYB2
-Win DVD 2000 :::: GMR22WGYXPUB8LH
-Winace :::: ACEQ79TFDSWXC3H4R64
-Windows 95 :::: 28595-OEM-0005727-80940
-Windows 98 :::: KGGJF-Q3HCX-88JJV-DM3KH-VY6VQ
-Windows 98SE :::: XJ3XX-YR4CJ-TQD6J-76QJR-GJMJB
-Windows 2000 Server BR :::: M2GHT-V6YK6-P6Q9D-PRCXF-FCWXT
-Windows 2003 BR :::: JB88F-WT2Q3-DPXTT-Y8GHG-7YYQY
-Windows 2003 Server :::: QW32K-48T2T-3D2PJ-DXBWY-C6WRJ
-Windows ME :::: Q7JRD-HH6DG-RD4BK-H93DF-DQ4FG
-Windows ME Completo :::: B6BYC-6T7C3-4PXRW-2XKWB-GYV33
-Windows NT 4.0 :::: 419-0949015
-Windows XP Corporate :::: FCKGW-RHQQ2-YXRKT-8TG6W-2B7Q8
-Windows XP CORPORATE C/SP2 :::: VDDF2-JJWM3-X7P27-FRHRT-8BVHT
-Windows XP Home BR :::: K8GMG-PRV3M-VG2JH-DJJ48-RY7FV
-Windows XP Professional C/SP2 BR :::: BX6HT-MDJKW-H2J4X-BX67W-TVVFG
-Windows XP Professional – Inglês :::: FCKGW-RHQQ2-YXRKT-8TG6W-2B7Q8
-Windows XP BR :::: JB88F-WT2Q3-DPXTT-Y8GHG-7YYQY
-Windows XP Server :::: BJXGH-4TG7P-F9PRP-K6FJD-JQMPM
-Windows Server 2003 Enterprise Corporate Edition :::: JB88F-WT2Q3-DPXTT-Y8GHG-7YYQY
-Windows 2003 Standard Server :::: M6RJ9-TBJH3-9DDXM-4VX9Q-K8M8M
-Windows 2003 Web Server :::: d42x8-7mwxd-m4b76-mkyp7-cw9fd
-Windows 2003 Server Corporate 3 in 1 :::: JB88F-WT2Q3-DPXTT-Y8GHG-7YYQY
-Windows 2003 Server/Enterprise/MSDN :::: QW32K-48T2T-3D2PJ-DXBWY-C6WRJ

Sunday, January 18, 2015

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !




Name:  01A.jpg
Views: 168
Size:  69.0 KB
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු.
ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා.
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහෝමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකථනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය හොඳ තත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදීගන්නා මුදලයි වැදගත් වන්නේ.


නියම මිල ගැන දැනගන්න.

පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැලපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදීගන්නේ නැතුව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකථන වලට නිෂ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකථනයේ තත්වය කාලය අනුවත් මිල වෙනස් වනවා. හැබැයි සාමාන්‍යෙයන් අලෙවි වන මිල ගැන දල අදහසක් ගන්නට ikman.lk, ebay.com, wow.lk වගේ වෙබ් අඩවියක පිහිට පතන්නට පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකථනය සාමාන්‍යෙයන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. මං එහෙම කිව්වේ වැඩිය විකුණන්න නැති ජංගම දුරකථනයක් මිලදී ගන්න එක ටිකක් විතර අවධානම් විය හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි ඔබ සොයන ජංගම දුරකථනය බොහෝ දෙනෙක් මිලදීගෙන ටික කලකින්ම විකුණන්නට පෙළඹෙනවා නම් එය තරමක් අවධානම් සහිත තේරීමක් කියලා හිතන්න පුළුවන්.
1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.
2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුලත තියෙන ජංගම දුරකථන සොයන්න. එහෙම නැතුව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සියගණනක් ජංගම දුරකථන අතරින් අන්තිමට ඔබට මිලදීගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැලපෙන ජංගම දුරකථනයක් නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකථන අතරින් හොඳම තත්වයේ ජංගම දුරකථනය සොයාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ සඳහා ජංගම දුරකථනය ගැන සඳහන් කරල තියෙන විස්තරය හොඳින් කියවන්න. ඒ වගේ විස්තරයක් නැති ජංගම දුරකථන අමතක කරලා දාන එක නුවණට හුරුයි. තවත් අමතර යමක් දැනගන්න තිබෙනවානම් එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල් වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ.
3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.
4. ජංගම දුරකථනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්නත. එහෙමත් නැතිනම් අලුතින් උපාංගම මිලදී ගන්නට වැයකලයුතු මිල ගැනත් සොයාබලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංග වල මිල වෙනම මිලදීගන්න විට තරමක් වැඩියි.




මීලදීගැනීමට සුදුසුම තැන

කොහෙන්ද මිලදීගන්නේ කියන එකත් අවධානය යොමුකල යුතුම දෙයක්. විවිධාකාර විධි වල විවිධ වාසි අවාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකථනය පරීක්ෂා කරලා මිලදීගන්න එක. ඒත් අන්තර්ජලය හරහා මිලදීගන්න එකෙත් වාසි තිබෙනවා.




Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා.

Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල ජංගම දුරකථන පිළිබඳ කතා බහට ලක්වෙන Groups ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ group එකක් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදීගන්නට පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පුද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගණුදෙනු කරන්නට අකමැතියි.
Ikman.lk, Wow.lk හා HitAd.lk වැනිClassified වෙබ් අඩවි හරහා

මේ වගේ වෙබ් අඩවි වල විශේෂත්වය වෙන්නේ ඔබට විශාල ප්‍රමාණයක් භාණ්ඩ අතුරින් හොඳම දේ තෝරාගන්නට හැකියාව තිබීමයි. ඒ වගේම ඔබට ආසන්න ප්‍රදේශයකින් තෝරාගන්නට හැකි වීමත් විශේෂයි. හැබැයි කලින් කිව්වා වගේ පැහැදිලි ඡායාරූපයක් පළකර ඇති, ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණයක් ඇති දැන්වීම් වලින් පමණක් ජංගම දුරකථන තෝරාගැනීම වැදගත්. කොහොමහරි අන්තමට අතට අරන් බලලාම ජංගම දුරකථනය ගැන අවසන් තීරණයට එළඹෙනවා නම් හොඳයි. ඒ වගේම කොයිම වෙලාවකවත් නොදන්න අයගේ බැංකු ගිණුම් වලට එහෙම සල්ලි දාන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකථන බලන්න එක එක තැන් වලට යනවා නම් පරිස්සම් වෙන්න. ඒ නිසයි හොඳ විස්තරයක් තියෙන දුරකථන විතරක් බලන්න කියලා කිව්වේ. මොකද අන්තිමට නංගි පෙන්නල අක්කා දෙන තැනකට ගිහින් නිකං කාලේ නාස්ති කරගන්නේ මොකටද නේද?
Ebay වැනි Online මිලදීගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහා

Ebay හරහා බොහෝම අඩු ගාණට ජංගම දුරකථන මිලදීගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි Top Sellers ලාගෙන් විතරක්ම ගන්නවන් හොඳයි. ඒ වගේම Return Policy එකක් තියෙන ජංගම දුරකථනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවෙයිනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකථනය නැවත හරහා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. Bid කරලා මිලදීගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදීගන්න එකටයි පුද්ගලිකව මමනම් කැමති. Bid කරලා මිලදීගන්න හොඳයි ඒතරම් හොයාගන්න නැති ජංගම දුරකථන නම්. ඒත් ඕන ගානට ඕන තරම් තියෙන ජංගම දුරකථන වෙනුවෙන් මොකටද bid කරන්නේ.



අවසන් මිල තීරණය කිරීම

අමතක කරන්න එපා සාමාන්‍යෙයන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුනොත් ටිකක් අඩුකරන්න හිතලා. ඉතින් කියනගානටම ගන්නේ නැතුව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. ඒ වගේම පින්තූර වලින් පෙනෙන විදියට නැත්නම් ඔබට මිල ගැන ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යන් ජංගම දුරකථනයේ පසුපස ආවාරණයේ හෝ දෙපස ආවරණයේ සීරීම් වලට වැඩි ගණනක් අඩු කරන්න ඉල්ලන එක අසාධාරණයි. හැබැයි තිරයේ සීරීම් තියෙනවානම් ලොකු ගණනක් අඩු කරන්නට ඉල්ලන්න ඔබට පුළුවන්.




පාවිච්චි කල දුරකථනයක් පරීක්ෂා කිරීම.

ඔබ ජංගම දුරකථනය පරික්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් යා යුතුයි.
  • ඔබේම චාජර කේබලයක් ( නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න )
  • ජංගම දුරකථන වර්ගයට ගැලපෙන SIM පතක්.
  • Headphones
  • microSD කාඩ් පතක්
  • ලැප්ටොප් පරිගණයක්
මුලින්ම ජංගම දුරකථනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ check කරන්න යන්න එපා. දුරකථනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැලීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහලක සිට දුරකථනය පහළට වැටෙන්න ඕන. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත්වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකථනයක්. බැටරිය ඉවත්කරන්න බැරි ජංගම දුරකථනයක් නම් සිම්පතට යටින් එය දැකගන්නට පුළුවන් වෙයි.
සිම්පත ඇතුලත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. Headphone port එකට ඔබ රැගෙන ආ headphone එක යොදා check කරන්න. චාජර් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමගත් පරීක්ෂා කරන්න.
සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, සීපීකරය, කැමරාව, වයිබ්‍රේටරය හා අනෙකුත් සංවේදක වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්.
අපි මීට කලින් ලිපියක පාවිච්චි කල දුරකථන විකුණන්න කලින් සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කලා මතක ඇති නේ. ඉතින් අද මේ කිව්වේ පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් විතරයි. මේ ලිපියට එකතුවෙන්න ඔබ කරුණු ඔයාලත් දන්නවා ඇති. එහෙනම් ඒවා පහතින් තියෙන comment box එකේ පළකරන්න.

Saturday, January 17, 2015

පොතක් ලියා පළකරන්නේ කෙසේද?

පොතක් ලියා පළකරන්නේ කෙසේද?.

මෙතන ඉන්නවා, මම දැකල තියෙනවා ඉතාම ලස්සන භාෂාවක් තියෙන දක්ෂ ලේඛක ලේඛිකාවො..ඒ වගේම සමහරු ඉන්නවා නිර්මාණ කරල ප්‍රකාශයට පත්කරගන්න බැරුව ලතවෙන... හැමෝටම පිළිතුරක් නැත්තං මගපෙන්වීමක් මේ මගින් ලැබේවි යැයි සිතනවා..
නවකථාවක් / කෙටිකතා / කවි / ශාස්ත්‍රීය පොතක් නම්...............

ඉස්සෙල්ලම තමුන් කරපු නිර්මාණය ඒක මොකක් වුණත් ටයිප් සෙටින් දන්නා අයෙකු ලවා A4 ප්‍රමාණයට මාජින් තියල ටයිප් සෙටින් කරගන්න වෙනවා අදාළ භාෂාවෙන්. මොකද ෆුල්ස්කැප්, අභ්‍යාසපොත් වල ලියල දෙන පොත් නිකං ප්‍රාථමික ගතියක් තියෙනව දැන් කාලෙ..... ඒක ටයිප්සෙට් කරල පොතක් විදියට බයින්ඩ් කරල ගන්න.
පළමුවෙනි කාරණාව මේක තමුන් විසින් මුද්‍රණය කරල ප්‍රකාශයට පත්කරනවද නැති නම් ප්‍රකාශකයෙකු හරහා තීරණය කළ යුතුයි.

කර්තෘ ප්‍රකාශන නම්....

ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන මණ්ඩලය කොළඹ 07 වෙත ගොස් පොතේ පිටපත ඉදිරිපත් කොට අවැසි නම් කර්තෘ ප්‍රකාශකයෙකු ලෙස ලියාපදිංචි විය හැකිය. එමෙන්ම පොතක් සදහා වූ අන්තර්ජාතක ප්‍රමිති මාලිත අංකය ISBN එක ලබාගත යුතුය. එය එවේලේම හෝ පසුව තැපැල් මගින් ලබාගත හැකිය. එය ඉතා සරල කටයුත්තකි.

පොත කුමක් වුවද එය ඒ භාෂාව දන්නා උගතකු/ පරණ ප්‍රින්සිපල් කෙනෙක් / මහාචාර්යවරයෙක් / ප්‍රවීණ ලේඛකයෙක් / මාධ්‍යකරුවෙක් වගේ කෙනෙක්ට දීලා හරිවැරදි බලවා ගන්න. ඒ ගමන් පොඩි හැදින්වීමක් ලියල දෙන්න කියන්න.. මොකද අදාළ පුද්ගලයාගේ සිවිල් බලයත් දැන් ලංකාවේ පොතකට බලපානවා! ඊට පස්සෙ පොත සදහා පසුවදනක් ලබාගන්න එවැනිම පුද්ගලයෙක් වෙත යන්න. ඔහුගෙනුත් අදහස් අරං අඩුපාඩු සාකච්ඡා කරල ඒවා හදන්න... වැරදි නිවැරදි කරගන්න.. උඩගු වෙන්න එපා..තමන් සියල්ල දන්නවා යැයි හිතන්න එපා.. නිහතමානි වෙන තරමට වැඩේ ලේසියි...

ඊට පසු අර පොත ටයිප් සෙටින් කරපු කෙනා ලවාම පොතේ PAGE LAYOUT හදාගන්න. පොත් වල සම්මත ප්‍රමාණ තියෙනවා ක්‍රවුන් සයිස්, ඩිමයි සයිස් ඔය වගේ. එහෙම ටයිප්සෙටින් කරන ගමං පොත් කවරයක් ලෑස්ති කරගන්න.. කවිපොත්, කෙටිකතාවලට ග්‍රැෆිකල් කමර්ෂල් කරනව අඩුයි.. කරන්නෙ චිත්‍ර අදින එක තමා. ඒක තමුන්ගෙ අභිමතය පිරිදි සුදුස්සෙකු ලවා කරගන්න ඕන.

විශ්වාසවන්ත මුද්‍රණාලයක් සොයාගන්න. පොතක් මුද්‍රණයට නම් පොතේ පිටු ගණන කවරය වෛර්ණ නම්, එයද මුද්‍රණය කර, ලැමිනේෂන් කරල, ගැදර් කර, බයින්ඩ් කර, කටර් කරල අවසාන නිමාව විදියට පොත් 500ක් හෝ 1000ක් මුද්‍රණයට අදාල කෝටේෂන් තැන් 3-4කින් ගන්න... තමුන්ගෙ පසුම්බියෙ තරමට හරියන තැන තෝරල ඒක මුද්‍රණය කරගන්න. ඔබ අදාළ පොතේ ට්‍රේසින් මුද්‍රණය වගේම පොසිටිව් හෝ සී.ටී.බී ප්ලේට් (වර්ණ කවරය) මුද්‍රණයට අදාළ කටයුතු මුද්‍රණාලයට සැපයීම හෝ ඔවුන් ලවාත් කරගත හැකියි. කඩදාසිය තේරීමේදී සැලකිලිමත් වෙන්න.. මොකද පොත කුඩා නම් පිරුණු පෙනුමක් නැත්තං හොදට මස හිටින්න නම් ‘බල්කි‘ කඩදාසියත් ඉතා ශාස්ත්‍රීය හෝ වැදගත් යැයි ‘සම්මත‘ පොතක් නම් ‘සුදු පැහැ බෑන්ක්‘ කඩදාසියත් ඊට යොදාගන්න. එවිට මිල මට්ටම වෙනස් වෙනවා ඇත. සමස්ත මුද්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් වැයවූ මුදල මෙන් තුන්ගුණයක්ද විෂය පොතක් නම් හතර හෝ පස්ගුණයක් ලෙස මිල තීරණය කළ යුතුය.
ඉන්පසු ලොකුම ගැටලුව පොත විකුණගන්න එක. ඔක්කටෙම කලියෙන් ඒ මුද්‍රණය කරපු පොතනේ පිටපත් 05ක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදීමට කාරුණික වන්න. එය ජාතික යුතුකමකි.


තමුන් කැමති නම් දොරට වැඩීමේ උළෙලක් පවත්වන්න. එහිදී ආරාධිතයන් පොත මිලයට ගන්නා නිසා (මගුල් ගේ වගේ ඕක කියන්නෙ ඉතින් විකුණගන්නනෙ! නැතුව අහවල් එකටයැ!) පොත් යටත්පිරිසෙයින් 100ක්වත් විකුණාගත හැකිය. එසේවන්නේ 300කට පමණ ආරාධනා කළහොත් ය.! ඇත්තටම එන්නේ අඩුගණනකි. (ඔබ ජනප්‍රිය/ප්‍රසිද්ධ අයෙකු නොවේනම්) මාධ්‍ය ආයතන සියල්ල වෙත ආරාධනා කළ යුතුය. බොරුවට හරි එහෙම කරාම ඔවුන් තමුන්ගෙ වැඩසටහන් වල එවැනි ඉසව්වක් තියෙන බව සදහන් කිරීමත් ප්‍රසිද්ධිය ලබාගතහැකි කාරණාවක්.
ඊට පස්සෙ පොතේ පිටපත් කිහිපයක් පුවත්පත් ආයතන වල මාධ්‍යෙව්දීන් හෝ කතුවරුන් වෙත ලබාදුන්විට ඔවුන් පොත පිළිබද ‘අලුත් පොත්‘ තීරුවේ පළකරනු ඇති. ඉන්පසු ලංකාවේ ප්‍රසිද්ධ පොත්හල් වලට පොතේ පිටපතක් ඉදිරිපත් කරන්න ඕනි. ඔවුන් කැමති නම් බොහෝවිට පිටපත් 10 සිට 50 දක්වා බාරගන්නවා. ඒ විකුණා මුදල් ලබාදීමේ කොන්දේසිය පිට. ඒ කියන්නෙ අපි පොත් හලට 40%ක මිලයට පොත් ලබාදිය යුතුයි. පොත විකුණුනු වහා දෙනවා කියල එයාලා කියනවා...දෙන එක ගැටලු සහගතයි තමා... ඉතින් ඒක පස්සෙ පන්නන්න ඕනි. දීපු පොත් කඩ ස්ථාවර ඒවා විය යුතුයි. ඒවගේ නම් ගම් දුරකථන අංක සියල්ල පොතක ලියාගත යුතුයි..දීපු පොත් ගාණත් එක්ක! මාස 2-3කින් පාඨකයෙක් විදියට කෝල් කරල අහල බලන්න ඒනි ‘අරහොම‘ පොතක් තීද කියල....තියෙනව කීවොත් මූණ බෙරි කරගන්න වෙනවා.. නෑ කීවොත් පහුවදාම යන්න සල්ලි ඉල්ලගන්න!!


ඒ වගේම හිතවතුන්, ආයතන හරහාත් මෙවැනි සමාජ ජාල හරහාත් සැලකිය යුතු පොත් සංඛ්‍යාවක් විකුණාගන්න පුලුවන්.. හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා.

ප්‍රකාශකයෙකු මාර්ගයෙන්....


ලංකාවේ හොද ප්‍රකාශන ආයතන කිහිපයක් තියෙනවා. මේ ඊයෙත් ෆේස්බුක් වල කොළඹින් බැහැර ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් පොත් බාරගන්න බවට දැන්වීමක් පළ කරල තිබුණා. ඒ වගේ ආයතන තියෙනවා.. හොරුත් සෑහෙන ඉන්නවා.
ප්‍රකාශන ආයතන නම් දෙකතුනකට යන්න වෙනවා. සමහරු පොත තියල යන්නකියනව. අවුරුද්දකින් ගියත් පොත තියපු තැනමයි! සමහර ප්‍රකාශන ආයතන වල මුදලාලිලා නොව ප්‍රකාශන සම්බන්ධව තේරුමක් තියෙන මාධ්‍යෙව්දීන්/ලේඛකයන් වගේ අය ඉන්නවා. එහෙම ඉන්න ආයතන වලට පොත දුන්නාම ඒ අය කියවල බලල හොද නම් බාරගන්නවා. ප්‍රකාශකයා සමග ගිවිසුමකට යන්න වෙනවා. මුද්‍රිත පිටපත් ප්‍රමාණයේ මුළු වටිනාකමින් 10%ක් ඔබට කර්තෘ භාගය ලෙස හිමිවෙන අතර මුද්‍රිත පොත් ප්‍රමාණයකුත් නොමිලයේ ලැබෙනවා. කට්ට කන්න වෙන ප්‍රමාණය ඉතාම අඩුයි.. ප්‍රකාශකයා හා ලේඛකයා අතර සහයෝගීතාව උඩ විවිධ දැනහැදුනුම්කම් හරහා ප්‍රචාරය හා විකුණුම් කටයුතු කරගත හැකියි.

පොත් මිලදි ගැනීම සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
ජාතික පුස්තකාලය
අධ්‍යාපන අමාත්‍යංශය
වැනි ආයතන විසින් යම් පිටපත් ප්‍රමාණයක් මිලට ගන්නවා. ඔවුන්ගෙ ලේඛකාධාර වැඩපිළිවෙලකින් සහාය ගන්නවා නම් ඉතාම හොදයි.

පරිවර්තන නම්.....

මුල් කෘතිය කිහිපවතාවක් කියවල, ඒක රටට දිය යුතු දෙයක්ද නොදිය යුතු දෙයක්ද තීරණය කළ යුතුයි. ඉන්පසු පරිවර්තන කාර්යය නිමවා ඒ ගැන අවබෝධයක් ඇති අය කිහිපදෙනෙකුට එය කියවන්නට දිය යුතුයි. ඒ අයගේ ප්‍රතිචාර අනුව නැවත සංස්කරණය හෝ අදාළ වෙනස්කම් කර, එම පොතේ වෙනත් පරිවර්තන ඇතිදැයි සොයාබැලිය යුතුයි. ඇත්නම් ඒවා සොයාගෙන එහි අඩුපාඩු බැලිය යුතුයි. අඩුපාඩු ඇතැයි පැහැදිලිවම කිව හැකිනම් ඒවා සටහන් තබාගෙන, අදාළ කාර්යය කළ යුතුයි.
ඉතිරිය පෙර ලෙසමයි...