Pages

Tuesday, May 5, 2015

වින්ඩෝස් රන් කමාන්ඩ්ස් කීපයක් මෙන්න



උඹල දන්නව නේ Run dialog box එක.

Run dialog box ගන්ඩ පුලුවං “Win + R” ටයිප් කරල
නැත්තං “Win + X” ටයිප් කළාම එනව මෙනු එකක්. ඒකෙ හැමදෙයක්ම තියෙනව

මෙන්න වැදගත් කමාන්ඩ්ස් කීපයක්

1. “\” මේකෙන් සී ඩ්‍රයිව් එකට යන්ඩ පුලුවං 

2. “.” උඹලගෙ පෞද්ගලික යූසර් ෆෝල්ඩරේට යනව

3. “..” ඉන්න ඔක්කොම යූසර්ලගෙ ෆෝල්ඩරේට යනව. (උඹල මේ රන් කමාන්ඩ් ටිකනං දැනං හිටියෙ නෑ නේ...) 

4. mrt මේක ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්. ටයිප් කරල රන් කරල බලන්ඩ. පොඩි මැල්වෙයා ස්කෑන් එකක්.. හැබැයි වින්ඩෝස් අප්ඩේට් සක්‍රීය කරල තියෙනවනං තමා ප්‍රතිඵලයක් ලැබෙන්නෙ. වින්ඩෝස් අප්ඩේට් චෙක් කරද්දි දැකල තියෙනව නේ, Malicious Software Removal Tool කියල. මේක තමා මේ සකෑන් එකට උදව් වෙන්නෙ.. හරියට වයිරස් ගාඩ් එකක ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙනව වගේ...

5. regedit මේකනං ගොඩක් අය දන්නව. වින්ඩෝස් රෙජිස්ට්‍රියට කෙළින්ම යන්ඩ පුලුවං

6. msconfig මේකත් ගොඩක් වැදගත් වෙන කමාන්ඩ් එකක්.. ට්‍රයි කරලම බලන්ඩ.

7. msinfo32 ගොඩක්ම වැදගත් කමාන්ඩ් එකක්. සමහරක් අයගෙන කම්පියුටරේ ගැන විස්තර ඇහුවම උඩ බිම බලනව.. මෙතනට ගියාම ඔයාලගෙ කම්පියුටරේ ගැන සියලුම විස්තර බලාගන්ඩ පුලුවං..

8. DxDiag ට්‍රයි කරලම බලන්ඩ 

9. wuapp කන්ට්‍රෝල් පැනල් එකේ වින්ඩෝස් අප්ඩේට් 

10. sysdm.cpl – System Properties window එකට යන්ඩ පුලුවං

වැඩිය දන්නෙ නැති, ගොඩක් වැදගත් වෙන රන් කමාන්ඩ්ස් කීපයක් තමා මම ඔය දැම්මෙ..

No comments:

Post a Comment