Search This Blog

Wednesday, September 4, 2013

Microsoft විසින්- Nokia මිලදී ගනී



ඇමරිකානු මයික්‍රොසොෆ්ට් සමාගම(Microsoft)නොකියා(Nokia ) ජංගම දුරකථන සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 7කට මිලදී ගෙන තිබෙනවා.

සැම්සුන් සහ ඇපල් සමාගම්වලට ඉමහත් ලාභ අත්කර දෙන ජංගම දුරකථන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට පිවිසීම මයික්‍රොසොෆ්ට් මෙම ගනුදෙනුවෙන් අපේක්ෂා කරන බව සඳහන්.
මෙම එකඟතා ගිවිසුම අනුව නොකියා ප‍්‍රධාන විධායක ස්ටීවන් එලොප් ඇතුළු එහි විධායකයන් රැසක් මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට නියමිතයි.




මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගන්නා බව පසුගිය දා ප‍්‍රකාශ වුණා.
ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ



No comments:

Post a Comment