Search This Blog

Wednesday, November 26, 2014

PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 1



ගොඩාක් emoney කරන අයට තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද, තමන් අමාරුවෙන් හම්බ කරන සල්ලි ලංකාවට ගෙන්න ගන්නෙ කියන එක.
නැත්තම් කොහොමද ඒ සල්ලි අතට ගන්නෙ කියන දේ.
PayPal කියන්නෙ ඇත්තටම හොද ජාත්‍යන්තර බැංකු ගිනුම් සහ බැංකු සේවා සපයන ආයතනයක්.
ඒත් මේකෙ පොඩි අවුලක් (පොඩි කිව්වට ලොකු) තියෙනවා ලංකාවත් එක්ක. මෙන්න මේකයි අවුල,

ලංකාව කියන්නෙ ඇත්තටම PayPal ෆුල් සපෝර්ට් කරන රටක් නෙවෙයි.
ඒ කියන්නෙ PayPal account එක ලංකාවේ විදියට තියෙනවා නම් money send කරන්ඩ විතරයි පුලුවන්. money receive කරන්න බෑ.
කස්ටිය මේකට හේතුව විදියට කියන්නේ අපේ MBSL එකේ තියෙන නීති වලට අනුව money receive accept කරන්න බෑ කියලා.


ඒත් ඉතින් දන්නවනෙ Moneybookers (Skrill) හරහා wire transfer මගින් අපේ local banks වලට withdraw කරන්න පුලුවන් කියලා.

හරි දැන් අපි ගේම් එකට බහිමුකෝ. මේ වැඩේ කරන්න කලින් ඔයාලට Payoneer Prepaid Debit Master Card එකක් තියෙන්න ඕන.
කාර්ඩ් එකක් නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න.


Apply for Payoneer Prepaid Debit Master Card


ඉස්සෙල්ලාම බලන්න ඕන ඔයාගේ දැනට තියෙන Payoneer account එකට US Payment service එක active වෙලාද කියලා.
මොකද සමහර account වල කාර්ඩ් එකට ඇප්ලයි කරලා approve උන ගමන් මේ service එකත් active කරලම එවනවා.
Payoneer account එකට ලොග් වෙලා බලන්න මෙන්න මේ විදියට තියෙනවද කියලා





තියෙනවා නම් US Payment Profile එක click කරලා බලන්න මේ විදියට US bank account details දෙනවද කියල.
ඒ වගේම Submit සහ Approval කියන button දෙකත් hidden වෙලා තියෙන්න ඕන.





ඒ ඔක්කොමත් හරි නම් ඉතින් වැඩේ ලේසි
දැන් ඉතින් එහෙම නැති අය කලබල වෙන්න එපා. එයාලා මෙහෙම කරන්න. එතකොට හරි එයාලාට පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Payoneer Customer එකට මේල් එකක් දාන්න US Payment service එක active කරන්න කියලා.
එතකොට Payoneer එකෙන් මෙන්න මෙහෙම මේල් එකක් එවයි ඔයාට.





මේ මේල් එකෙන් කියන්නෙ ඔයාලගෙ US Payment service එක active කරන්න අවශ්‍ය කරන US bank account එක open කරන්න ඕන දේවල් ටික එවන්න කියලයි.
මෙතනදි ඔයාගෙ driving licence එකෙ හරි, passport එකෙ හරි, national identity card කොපි එකක් "upload link" කියන එක හරහා එයාලට යවන්න ඕන.
කොපි එක යවද්දි scan image එකක් විදියට හෝ photo capture එකක් විදියට යවන්න පුලුවන්. කොහොම උනත් කොපි එක clear වෙන්න ඕන.
නැත්තම් approve නොවෙන්න පුලුවන්.
approve උනාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේල් එකක් එයි.





මේ මේල් එකෙ තියෙන්නෙ ඔයාට ලැබිලා තියෙන US bank account එකෙ විස්තර.
දැන් මේ විස්තර හරහා තමා අපි PayPal වලට connect වෙන්නෙ.
හැබැයි තාම US Payment එක active වෙලා නෑ. මේ තියෙන්නෙ bank details ටික.
ඔය "Click here" කියන තැන click කරලා ඔයාට US Payment active කර ගන්න පුලුවන්.
ඔක්කොම වැඩ ටික හරි නම් මෙන්න මේ වගේ මේල් එකක් එයි US Payment active උනා කියලා.


No comments:

Post a Comment