Search This Blog

Friday, January 10, 2014

Samsung s4


Wednesday, September 11, 2013


Korean Galaxy S4 vs Original Galaxy S4 (For Sri Lankans)

ලංකාවෙ මේ දවස් වල ජනප්ප්‍රිය Phone එකක් තමයි Samsung Galaxy S4 කියන්නේ. ගොඩක් දෙනෙක් S4 එකක් මිල දී ගන්ඩ මේ වෙනකොටත් සූදානම් වෙනවා ඇති. ඔයාල දැකල ඇති රුපියල් 25,000 - 30,000 ටත් S4 එකක් තියෙනවා කඩවල් වල. කව්රුත් මේවට කියන්නේ කොරියන් වර්ෂන් කියලා.මේවා ඇත්තටම කොරියන් වර්ෂන් ද? බැලූ බැල්මටම ඇත්තම Galaxy S4 එකක් වගේ. ඇයි මේවා මෙච්චර ගණන් අඩු? මම මේ ආර්ටිකල් එකෙන් කියන්ඩ යන්නේ මේ phone වල ඇත්ත කතාව.


මෙන්න මේකයි සීන් එක. ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ HSV-E300 K/S/L කියලා. K, S ,L  වලින් 4G LTE bandwidths පෙන්නනවා. මේ මොඩල් කොරියාව ඇතුලේ පාවිච්චියට හදපුවා. මීට අමතරව Carrier based phones (ex :Show) කීපයක්ම හොයාගන්ඩ පුලුවන්. Anycall වලින් ගහපු S 4 එකක් නම් තාම දැක්කේ නෑ.
ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි. HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියටHDCmobiles.com ගියොත් බලාගන්ඩ පුලුවන් කොහොමද ය මේ විකුණන්නේ  කියලා. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන හින්ද තමයි මෙච්චර ගණන් අඩු.


එහෙනන් බලමුකෝ මේවගෙයි ඔරිජිනල් වලයි Clones අතර තියෙන වෙනස මොකක්ද කියලා. හැම විශේෂ්‍යාන්ගේම විස්තර කරන්ඩ මම බලාපොරොත්තු වෙන්නෑ. වැදගත්ම ටික ගැන හොයල බලමු.

තිරය (DISPLAY)



ඔරිජිනල් S4 එකේ තියෙන්නේ Samsung ල නිෂ්පාදනය කරන super AMOLED වර්ගයේ තිරයක්. මේවට වැඩි පාට වර්ණාවලියක් පෙන්නන්ඩ පුලුවන් වගේම අඩු විදුලියක් අවශ්‍ය වෙන්නේ. තිරේ විභේදනය නැත්නම් Resolution එක 1920x1080 ක අගයක් තියෙන්නේ. වෙනත් වචනෙකින් කිව්වොත් Full HD තිරයක්. අඟල් 5ක ඇතුලත මේ වගේ ලොකු විභේදනයක් තියෙන නිසා අඟලකට ඇති පික්සල් අගය(Pixels per inch / ppi) වැඩි වෙනවා. මිනිස් ඇහැකට පේන උපරිම ppi අගය 320ක් විතර වෙනවා. ඊට එහා ඔක්කොම එකවගේ තමා පේන්නේ. S4 එකේ ppi අගය 441ක් වෙනවා. තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ.

ගොඩක් korean කියන clones වල තියෙන්නේ IPS තාක්ෂණය බාවිතා කරන තිරයි. මේවා යම්තාක් දුරට ස්වභාවික වර්ණ පෙන්නන්ඩ හැකියාව තියෙන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720x 1280ක වගේ HD අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි  තියෙන්නේ. දැනට තියෙන පට්ටම copy එක තමයි HDC Galaxy S4 Legend කියන phone එක. මේකෙ තියෙන්නේ HD විභේදනයක් සහ  298ක  ppi  අගයක්. එකත් නරකම නෑ. හැබැයි තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. panel එක IPS උනාට Chinese කාරයෝ දාන touch sensor එක නම් quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. උඩ තියෙන පින්තූරෙ දැක්කම පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ Color Depth එක වැඩී Clone එකට වඩා.

ප්‍රොසෙසරය (Processor)



ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් වලට වඩා විදුලිය පිරිමහන එක තමා කරන්නේ. එදිනෙදා වැඩ කටයුතු වලට වරදක් නෑ. එත් පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා.

ඔරිජිනල් S4 එකේ phone versions කීපයක් තියෙනවා (Galaxy S4 GT-i9500/GT-i9505/ Galaxy S4 Active..etc) මේවගෙන් ලංකාවේ ගොඩක් තියෙන්නේ GT-i9500 මොඩල් එක. මේ මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් snapdragon 600 ප්‍රොසෙසර් එකට තියෙනවා. මම තෝරාගත්තොත් ගන්නෙ GT-i9505 මොඩල් එක.

කැමරාව (Camera)

මේ ගැන වැඩිය කියන්ඩ දෙයක් නෑ. සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080p වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. එත් එදිනෙදා දේවල් වලට මේ කැමරාවත් නරකම නෑ.

දැනගතයුතු වෙනත් දේවල් 

RAM - 1GB ප්‍රමාණයේ හෝ 512MB ප්‍රමාණයේ රැම් එකක් තමා තිබ්බොත්. 1GB නම් අව්ලක් නෑ. එත් AnTuTu Benchmark වගේ apps වල 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාම බලාගන්ඩ පුළුවන් සීන් එක. HDCmobiles.com/Galaxy S4

පේනවනේ HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x 1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා  පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා. අනික Android version එක බලන්ඩ. 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2 , ඊලගට අනාගන්න තැනක් තමයි තොරතුරු ගබඩා කරන්ඩ පුලුවන් ධාරිතාව. පේනවනේ system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ.එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි.


මේවා වෙළඳ පොළට එන්නෙත් ඔරිජිනල් වගේම Samsung package එකක. ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා Box එක. එත් Korean version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා.
බැටරිය ගැන කියනවානම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා.


මේ ෆොටෝ එක දැක්ක ගමන්ම කියන්ඩ පුලුවන් ෆෝන් එක බොරු එකක් කියල. හොදට බැලුවොත් පේනවනේ ෆෝන් එකේ Home Button එක screen එකෙන් ගොඩක් යට තියෙන්නේ කියලා. අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

*#0*# කිඅන්නේ Samsung ෆෝන් වල LCD Test කරන code එක. මේ HDC Clones හදල තියෙන්නේ මේ code එක වැඩ කරන විදිහට. ඒකනිසා මේ ගැනත් මතක තියාගන්ඩ.

හොදම වැඩේ micro USB Jig එකක් අරගෙන ෆෝන් එක off කරලා jig එක ගහන එක. ෆෝන් එක Download Mode වලට වැටෙනවා නම් ඒක ඔරිජිනල් ෆෝන් එකක්.


SAR Value - ගොඩ දෙනෙක් මේ ගැන නොදන්නවා වෙන්ඩ පුලුවන් .ෆෝන් එකක් ගන්න කොට හොයල බලන්ඩ ඕන වැදගත්ම දෙයක් තමයි මේ SAR Value එක කියන්නේ. Specific Absorption Rate කියල ඉංග්‍රීසියෙන් කියනව. අපේ ඇගට උරාගන්න විකිරන ප්‍රමානය තමයි මේකෙන් අදහස් වෙන්නෙ. phone එකක SAR අගය 1.5 W/kg ට වඩා වැඩි නම් එ එක පාවිච්චි කරන එක ශරීරයට වගේම මොළයටද අහිතකරයි. මේ Chinese Clones වල SAR අගය ගැන කිසිම තැනක සදහන් වෙලා නෑ. අනික් Chinese phones වගේම මේවාගෙත් SAR අගය වැඩි ඇති කියල සැකයක් ඇති වෙනවා. පිරිමි ළමයි මේවගේ වැඩි SAR අගයක් තියෙන phones කලිසම් සාක්කුවේ වැඩි වේලාවක් දාගෙන හිටියොත් අනාගතයේ දරු ඵල ලබාගන්ට ඇති හැකියාවද අවම වෙන්ට පුලුවන්.මීට අමතරව මේ පින්තූරේ තියෙන විදිහට back cover එක ගලවලා ඔරිජිනල් එකයි clone එකයි හොයන්ඩ පුලුවන්.


මම මේ ලිපිය ලියන්නේ ඔරිජිනල් කියල රැවටිලා චාටර් එකක් ගන්න අයට විතරයි. අඩු ගාණක් දීල මාස කීපයක් වැඩ කරන්ඩ clones/replicas ගන්න අය ඉන්නවානමි එක වැඩිය ඇගේ තියාගෙන ඉන්ඩ එපා.

ප්‍රෂ්ණ තියෙනවා නම් හරි ඔයාල මීට වඩා clones ගැනතොරතුරු දන්නවා නම් comment කරන්ඩ.


No comments:

Post a Comment