Search This Blog

Friday, December 5, 2014

Command Prompt

Windows වලදී උනත් සමහර දේවල් අපිට කරගන්න පුළුවන් Command Prompt එකෙන් විතරයි. නමුත් අපි මෙම ලිපියෙන් කියලා දෙන්නේ ඉතාමත් සරල දේවල් කිහිපයක් පමණයි. ඔබ Windows 7 භාවිතා කරත් Windows 8 භාවිතා කරත් Command Prompt යනුවෙන් Search කර ඔබට පහසුවෙන්ම Command Prompt එක Open කරගන්න පුළුවන්.

Windows Commands

1. ඔබ කැමති Drive එකට යෑම.
ඔබට අවශ්‍ය C drive එකට යාමට නම් C: විධානය ලබා දෙන්න.
ඔබට අවශ්‍ය D drive එකට යාමට නම් D: විධානය ලබා දෙන්න.
මෙවැනි ආකාරයට ඕනෑම drive එකට යන්න පුළුවන්.
2. තමන්ට අවශ්‍ය Folder එකට යාමට
මේ සදහා අපි භාවිතා කරන්නේ cd විධානය.
උදාහරණයකට අපි හිතමු අපිට E Drive එකේ තියන Nimal කියන Folder එක ඇතුලේ තියන Kasun කියන Folder එකට යන්න ඕනෑ කියලා.
E:
cd Nimal
cd Kasun
3. Command Prompt එක Clear කිරීම සදහා
මේ සදහා ඔබ ලබා දිය යුතු විධානය වන්නේ cls.
4. උදව්වක් අවශ්‍යද?
අනිත් විධාන වගේම එම විධාන යොදාගන්නේ මොනවටද කියලා දැනගන්න ඔබ ලබා දිය යුතු විධානය වන්නේ help.
5. පරිගණකය ගැන විස්තර
ඔබ පරිගණකය ගැන විස්තර දැන ගැනීමට ඔබ ලබා දිය යුතු විධානය වන්නේ systeminfo
6. IP Address එක සොයා ගැනීම
ipconfig කියන එකෙන් ඔබට පුළුවන් IP Address එක වගේම ඒ සම්බන්ද ගොඩක් දේවල් හොයාගන්න.

No comments:

Post a Comment